නෙට්බෝල් නීති වෙනස් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 07 කොළඹ (LNW): මෙම වසරේ ආරම්භයේ දී ම ජාත්‍යන්තර නෙට්බෝල් සංගමය නෙට්බෝල් ක්‍රීඩාවේ යම් නීතිමය වෙනස්කම් කිහිපයක් කිරීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව ටොස් අප් නීතිය,කෙටි පන්දු හුවමාරු නීතිය මෙන්ම ආදේශක ක්‍රීඩකයින් යෙදවීම සම්බන්ධයෙන් වන නීති ගැන වෙනස් ඇති කිරීමට ක්‍රියා කර තිබෙනවා.


toss-ups යනු කණ්ඩායම් දෙකේ ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් පන්දුව කාට හිමි විය යුතු ද යන ගැටළුව පැන නැඟුණු අවස්ථාවක (සියයට 50 /50) විනිසුරු මැදිහත්ව කරන ක්‍රියාවය. එය සම්පූර්ණයෙන් බැහැර කිරීමට නව නීතිය යටතේ කටයුතු කර ඇත.සේම කෙටි පන්දු හුවමාරුවන් හී දී ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ට ඊට මැදිහත් විය හැකි ඉඩක් කබාගෙන කටයුතු කළ යුතුය යන නීතිය හරහා තරගයේ තරගකාරීත්වය වැඩි කිරීමේ අරමුණ සහිතව යම් නීතිමය වෙනස්කමක් කිරීමට ද කටයුතු කර තිබෙනවා.


එසේම ක්‍රීඩක ආදේශනය කිරීමට පහසු ක්‍රමයක් නීතිමය වශයෙන් හඳුන්වා දී තිබෙනවා.මෙම නීති ක්‍රියාත්මක කිරීමට ඒ ඒ රටවල ක්‍රීඩා පරිපාලන ඒකකවලට එළැඹෙන සැප්තැම්බරය දක්වා කල් ලබා දී තිබෙනවා.නමුත් ජාත්‍යන්තර වශයෙන් පැවත්වෙන තරගාවලි සඳහා ජාත්‍යන්තර විනිසුරුවන් මේ නීති ක්‍රියාත්මක කිරිමට ඇති ඉඩ අනුව සෑම ජාතික කණ්ඩායමක්ම මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා සිටීම වැදගත් වෙනවා.එය ශ්‍රී ලංකාවටද අතිශයින් වැදගත් වන අතර ශ්‍රී ලංකාවට මේ වසරේ දී ආසියානු තරගාවලියට ද මුහුණ දීමට තිබෙන නිසා සෑම තරගාවලියක්ම මෙම නීති යටතේ පැවත්වීම ක්‍රීඩිකාවන්ට මෙන්ම විනිසුරුවරියන්ට ද වැදගත් වෙනවා.


දැනටත් සමාජ ජාලාවන් භාවිතයට ගනිමින් වෙනස් වූ නව නීති පිළිබඳව ජාත්‍යන්තර නෙට්බෝල් සංගමය ඒවා ලෝකයට දැන ගැනීම සඳහා පහසු ක්‍රම සැළසුම් කර තිබෙන නමුත් සෑම ජාතික නොට්බෝල් පරිපාලනයක්ම ඊට එහා ගිය වැඩ පිළිවෙලක් යටතේ මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් පුහුණුකරුවන්ට,ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ විනිසුරුවන්ට ලැබෙන අන්දමේ වැඩ සටහන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...