සටහන – රෂිකා හෙන්නායක
ජනවාරි 07 කොළඹ (LNW): ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු මේ වනවිට මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ පසුවන අතර, ඔවුන් මුදා ගැනීම සදහා සහාය දැක්වීමට එරට රජය තීරණය කර ඇති බව වාර්තා වේ,
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක ප්‍රියන්ත බණ්ඩාර මහතා පවසන්නේ, මියන්මාර බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකගත්වයට පැමිණි බවයි.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් මියන්මාරයේ මයාවාඩි ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු සයිබර් වහල් සේවයේ යොදවා ඇති බවට තොරතුරු ලැබී තිබේ. මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සදහා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා තායිලන්තයේදී මියන්මාර විදේශ කටයුතු අමාත්‍ය තාන් ශ්‍රී මහතා හමුවී සාකච්ඡා කළේය. ඒ අනුව ශ්‍රී ලාංකිකයන් නිදහස් කිරීමේ කටයුතු සම්පාදනය කෙරුණි.
මේ සම්බන්ධයෙන් මීට දින තුනකට පෙරද යළි ඉල්ලීමක් කර ඇති අතර, එම ඉල්ලීමත් සමඟ මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ පසුවන ශ්‍රී ලාංකිකයන් මුදා ගැනිම සදහා එරට රජයේ සහාය දැක්වීමට තීරණය කර ඇති බව තානාපති ජනක ප්‍රියන්ත බණ්ඩාර මහතා පවස සිටී.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
