*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ඉස්ලාමාබාද් සුදුසුකම සපුරන්න 20 දා දියගමදී අවස්ථාව

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 07 කොළඹ (LNW): දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියේ තෙවැන්න මාර්තු 3 වන දා පකිස්තානයේ ඉස්ලාමාබාද් හී දි පැවත්වීමට නියමිතයි.මේ සඳහා වන තේරිම් තරගය ජනවාරි 20 වන දින දියගමදී පැවත්වීමට නියමිත අතර එම තරගාවලියට සහභාගි වන පිරිස අදාළ අයදුම්පත් ජනවාරි 17 වන දාට පෙර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට භාර දිය යුතු වෙනවා.ඉන් පසුව ලැබෙන අයදුම්පත් භාර නොගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබෙනවා.


මෙම තේරීම් තරගාවලිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අනුමැතිය සහ මඟ පෙන්වීම ඇතිව සංවිධානය කිරීමේ වගකීම ලංකා ලයන්ස් මලල ක්‍රීඩා සමාජය වෙත පැවරී තිබෙන අතර අයදුම්පත් ඉදිරිපත් කරන්නන් ලංකා ලයන්ස් මලල ක්‍රීඩා සංගමයේ නුගේගොඩ මහජන බැංකුවේ ඇති ගිණුමේ රුපියල් 500/= ක මුදලක් තැන්පත් කර එම රිසිට් පත අයදුම්පත සමඟ භාර දිය යුතු වෙනවා.


ලංකා ලයන් ක්‍රීඩා සමාජයට මේ තරගාවලිය සංවිධානයට පහසුකම් ලබා දෙමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් මූලස්ථානය තරග අයදුම්පත් ලබා දීමට ඉදිරිපත් වී තිබෙන අතර එම අයදුම්පතේ තරගකරුවන් ජනාවාරි 20 වන දා පැවත්වෙන් අවුරුදු 20 න් පහළ කිලෝ මීටර් 8 තරගයට සහභාගි වන්නේ ද යන්න හෝ ජ්‍යෙෂ්ඨ කිලෝ මීටර් 10 කරගයට සහභාගි වන්නේ ද යන්න හෝ සඳහන් කර තැබිය යුතු වෙනවා.
අයදුම්පත්‍රයක ආකාතියක් මේ සමඟ ද දක්වා තිබෙනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan