ඉතිහාසයේ පළමුවරට මෙල්වෙයාර් රෝලින්ග් වෙත වෙළද සේවා ක්‍රිකට් සූරතාවක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 09 කොළඹ (LNW): Ceylon Biscuits Ltd. අනුග්‍රහයෙන් “Ceylon Biscuits Ltd. අනුග්‍රහයෙන් “CBL-Munchee” කුසලානය සඳහා,Melwire Rolling (Pvt) Ltd සහ Nations Trust Bank PLC “A”. කණ්ඩායම් අතර පැවති වෙළද සේවා ක්‍රිකට් සඳහා,Melwire Rolling (Pvt) Ltd සහ Nations Trust Bank PLC “A”. කණ්ඩායම් අතර පැවති වෙළද සේවා ක්‍රිකට් ඩී කොටසේ අවසන් තරගයේ දී එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කරන්නට මෙල්වෙයාර් කණ්ඩායමට හැකි විය.35 හැවිරිදි මහෙන්ද්‍රන් ශෙහාන්කුමාර්ගේ නායකත්වය යටතේ ඔවුන් ලැබූ මෙම ජයග්‍රහණය ඉතිහාසයේ පළමු වරට වෙළද සේවා ක්‍රිකට් කුසලානයක පහස එම කණ්ඩායමට ලබා දීමට මග පෑදීය.

පළමුව පන්දුවට පහර දුන් නේෂන්ස් ට්‍රස්ට් කණ්ඩායම පන්දු ඕවර් 39.2 දී සියලු දෙනා දැවී දවා ගත්තේ ලකුණු 121 කි.තරග හතකදී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 281 ක් රැස් කරමින් තරගාවලියේ හොදම පිතිකරු වූ නඳුන් පතිරණ මෙහිදී රැස් කරේ ලකුණු 18 කි.විකුම් කල්හාර වැඩිම ලකුණුලාභියා වූ අතර ඔහු ලකුණු 25 ක් එකතු කළේය.පන්දු යැවීමේදී සචින් සේනානායක ලකුණු 28 ට කඩුලු 3 ක් දවා ගත් අතර මලින්ද පෙරේරා ලකුණු 12 කඩුලු 2 ක් දවා ගනිමින් මෙල්වෙයාර් කණ්ඩායමේ පන්දු යැවීම ශක්තිමත් කරන්නට පෙරමුණ ගත්තේය.

පිළිතුරු ඉණිමට පිවිසි මෙල්වෙයාර් කණ්ඩායම වෙනුවෙන් අවසාන තරගයේ වීරයා වීමේ සුදුසුකම සපුරාලමින් අනගි ඉණිමක් දියත් කළ සනේෂ් නදීශාන් ලකුණු 55 ක් එක් කළ ද,තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස ඇගයීමට පත් නේෂන්ස් කණ්ඩායමේ මධුශාන් චතුරංග සෑහෙන පීඩනයක් ඇති කරමින් ලකුණු 31 ට මෙල්වෙයාර් කණ්ඩායමේ කඩුලු 5ක් ම දවා ගත්තේය.මේ නිසා මෙල්වෙයාර් කණ්ඩායමට ජයග්‍රහණයට ළඟාවීමට පන්දු ඕවර් 34.2 ක් වැය කරමින් කඩුලු 9 ක් ම දන් දෙන්නට ද සිඳු විය.

ජනවාරි 06 වැනි සෙනසුරාදා MCA පිටියේ දී අවසන් වූ අවසන් මහා තරගයේ ජය සංඛේත ප්‍රදානයට ප්‍රධාන ආරාධිත ආරාධිතයා ලෙස Ceylon Biscuits Limited හි සාමාන්‍යාධිකාරී කුෂානි පීරිස් එක් වූවාය.ඇය සමඟ එම අවස්ථාවට MCA සභාපති මහේෂ් ද අල්විස්, MCA ප්‍රධාන ලේකම් රොහාන් සෝමවංශ සහ MCA තරඟාවලි කමිටුවේ සභාපති, ලක්ෂාන් ද සිල්වා ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...