ශ්‍රී ලංකාවටත් හරිත ගිණුම්කරණය අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

මේ වන විට ඉන්දුනීසියාව වැනි රටවල් හරිත ගිණුම්කරණය සිදුකරන බවත් එය නිශ්චිතවම ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ හරහා රටේ තිබෙන ජාතික වශයෙන් වැදගත් වන පාරිසරික සහ වනජීවී සම්පත් පිළිබඳව නිශ්චිත ගණනයක් ලැබිය හැකි බවද ඒ මහතා පවසයි.

ඒ හරහා එක් අතකින් රටේ පාරිසරික සහ වනජීවී සම්පත් ගණනය වීමක් සිදුවන බවත් අනෙක් පැත්තෙන් මූල්‍යමය අගයක් ඒ පිළිබඳව වන බවත් ඒ මහතා සඳහන් කළේය.

දළ දේශීය නිෂ්පාදනය ගණනය කිරීමේ නිර්නායක වලදී පරිසරයට සිදුවන විනාශය පිළිබඳව ගණනය කිරීමක් සිදු නොවන බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා එය ද සිදු කළ යුතු බව පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඒ මහතාගේ සංකල්පයක් ලෙස සමගි ජන බලවේගයේ “හරිත ව්‍යාපෘතිය – Project Leopard” ව්‍යාපෘතිය හරහා “ලෝක වනජීවී දිනය” නිමිත්තෙන් යාල සුභ සාධක හා අන්‍යෝධාර සමිතියට ජල පෙරණ යන්ත්‍ර 10ක් සහ රූපවාහිනී යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට පෙරේදා (03) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...