ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු දැනටමත් නව සන්ධානයට ගොනුවෙලා කියලා අපි ඔප්පු කළා – ලන්සා

Date:

නව සන්ධානයට තවම පක්ෂයක්, ලාංඡනයක් හෝ නායකයෙක් නැතත් දැනටමත් ලක්ෂ සංඛ්‍යාඅත ජනතාවක් ඒ වටා ගොනුවී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසයි.

“තමුන්නාන්සෙලා ඡන්දෙ දෙන්න පුළුවන්, නොදෙන්න පුළුවන්. හැබැයි අපි සන්ධානයක් විදියට අපි තීන්දු කරලා තියෙනවා අපි ඇත්ත කියනවා කියලා. අපි තමුන්නාන්සෙලාට කියන්න කැමතියි මේ සන්ධානය අද පක්ෂයක්, ලාංඡනයක්, නායකයෙක් නැතිවුණාට ඉදිරියේදී මේකට මං හිතන්නෙ පාර්ලිමේන්තුව තුළ අද ඉන්න විශාලම මන්ත්‍රීවරු සංඛ්‍යාවත්, විශාලම පක්ෂ සංඛ්‍යාවත් එකතු කරලා විශාලම සන්ධානය අපි නිර්මාණය කරනවා කියන එක.

හැබැයි ඒක නිර්මාණය කරද්දී අපි පෙන්නුවා රටට මොකක්ද ? ගොඩාක් පක්ෂ තියෙනවා බෝඩ් විතරයි, ගොඩාක් නායකයො ඉන්නවා කොළඹ ප්‍රෙස් කන්ෆරස් විතරයි තියන්නෙ. මිනිස්සු නෑ. අපි අද මොකක්ද පෙන්නුවෙ ? පක්ෂ නෑ, පාට නෑ, ජාති නෑ, මොකුත් නැති වුණාට කවුද ඉන්නෙ ? ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මේකට ගොනුවෙලා තියෙනවා කියන එක අපි අද ඔප්පු කරලා පෙන්නුවා. ඒ නිසා අපි මේ රටේ මුළු ප්‍රගතිශීලී ජනතාවට ආරාධනා කරනවා මේ ඇත්ත කියන, සත්‍යය කියන, යතාර්ථය පෙන්වලා දෙන අපි එක්ක තමුන්නාන්සෙලා එකතු වෙන්න කියලා”

නිමල් ලන්සා මහතා මේ බව පැවසුවේ ඊයේ (27) ජාඇල දී පැවති නව සන්ධානයේ මංගල රැළිය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...