මාව අයින් කළේ LNG ගනුදෙනුවේදී ඇමරිකාවට මම මහා බාධකයක් වුණු නිසා – ගම්මන්පිල

Date:

තමන්ව බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ මෙරට LNG සැපයුම ඇමරිකාවට ලබාදීමේ වෑයමට තමන් බාධාවක් වූ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

“මේ අමාත්‍ය ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් එක එක සම්පප්‍රලාප කියනවානෙ. නිව් ෆෝට්‍රස් එනර්ජි සමග අත්සන් කළ ගිවිසුම අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කළේ අත්සන් කළාට පස්සේ. ඒ ගිවිසුමේ ඉතා වැදගත් වගන්තියක් තියෙනවා, ශ්‍රී ලංකා ආණ්ඩුවේ වගකීම් කියලා. එයින් එකක් තමයි බලශක්ති අමාත්‍යවරයා ලවා නිව් ෆෝට්‍රස් සමාගමට LNG සැපයීමට ඒ කියන්නෙ බලපත්‍රයක් නිකුත් කරවා ගැනීමට. බලශක්ති ඇමතිවරයා කවුද ? LNG ගිවිසුමට විරුද්ධව උසාවි ගිය උදය ගම්මන්පිල. එතකොට මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න ලොකු බාධාවක් වෙනවා. මාව ඉවත් කරගත්තේ නැත්නම් ඇමරිකාවට ගෑස් සැපයීමේ ඒකාධිකාරිය ලබාදීමේ ව්‍යාපෘතිය උදය ගම්මන්පිල කියන මහා බාධකයෙන් එහා පැත්තට පන්නාගන්න බැරිවෙනවා. ගම්මන්පිල අත්සන් කරන්නෙත් නැත්නම් වැඩේ කරන්නත් ඕනෙ නම් ගම්මන්පිල වෙනුවට වැඩේ කරන්න කැමති කෙනෙක්ව ඇමති ධුරයට පත්කරගන්න සිද්ධ වෙනවා”

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාව සමග පැවති සාකච්ඡාවකදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...