”ඉන්දියාවට රට විකුණන්න යන ඇමති හරීන් ධූරයෙන් නෙරපන්න” – අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්!

Date:

කොළඹ LNW: සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාව එම අමාත්‍ය ධූරයෙන් නෙරපන ලෙස බලකරමින් අද (20) එම අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

එට්කා එපා ජාතික එකමුතුව විසින් එය සංවිධානය කර තිබුණු අතර ඉන්දියාවට රට විකිණීම වහ නතර කරන ලෙසයි එහිදී බල කෙරුණේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට පසුගියදා හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශයට විරෝධය පළකරමින් පසුගිය දිනවල සිවිල් සංවිධාන විසින් කරුණු දක්වමින් තිබුණු අතර ඔහුගේ ප්‍රකාශය රටේ ස්වෛරීත්වයට බරපතල හානියක් බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බව පවසමින් පැමිණ සිටින අමාත්‍යවරයා විසින් එය දන් උල්ලංඝනය කරමින් තිබෙන බවයි මෙම විරෝධතාකරුවන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ Youtube ක්‍රියාකරුවකුට දවල් තරු පේන වැඩක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ඉකුත් දා...

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...