ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්හනෝම් කියන ශෝකජනක කතාව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්හනෝම් ගේබ්‍රියේසස් පවසා සිටින්නේ, ගාසා තීරය මරණ කලාපයක් බවට පත්ව ඇති බවයි.

ගාසා තීරයේ සෞඛ්‍ය හා මානුෂීය තත්ත්වය නරක අතට හැරෙන බවත් මේ වනවිට ඊශ්‍රායලය ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් 30 වන දිනටත් ක්‍රියාත්මක කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඛාන් යූනිස් හි අල්-අමල් රෝහලේ භයානක තත්වයක් ගැන පලස්තීන රතු ක්‍රෙසන්ට් සංගමය ද අනතුරු අඟවා ඇති බව සඳහන් වේ.

ගාසා රජයේ මාධ්‍ය කාර්යාලයේ ප්‍රධානී ඉස්මයිල් අල් තවබ්ටේ පවසා ඇත්තේ, මේ අතර උතුරු ගාසා තීරයේ පදිංචිකරුවන්ට පසුගිය සති තුන තුළ ආහාරයට ගැනීමට ඉතිරිව තිබුණේ සත්ව ආහාර පමණක් බවයි.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 29,313ක් මිය ගොස් 69,333ක් තුවාල ලබා ඇති බවයි.

ඔක්තෝබර් 7 වනදා හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139 ක්ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...