අපේක්ෂකයින් 15,000ක් තරඟවදින ඉරාන මහ මැතිවරණය ඇරඹේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මහ මැතිවරණය ආරම්භ වී ඇති අතර , වාර්තාගත අඩු ඡන්ද ප්‍රතිශතයක් දැකිය හැකි බව විශ්ලේෂකයන්ගේ මතය වේ.

අඩපණ වූ ආර්ථිකයක්, වැඩෙන දේශපාලන අවිශ්වාසයක් සහ අවලංගු කරන ලද විරෝධතා ව්‍යාපාර මධ්‍යයේ ඉරාන ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර , ජාතියේ සතුරන්ට එරෙහි ප්‍රතිරෝදයක් ලෙස ඡන්දය ප්‍රකාශ කරන ලෙස, එරට රාජ්‍ය මාධ්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එරට වාර්තා සදහන් කරන්නේ, මැතිවරණයට පෙර සිටම ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඡන්ද දායකයන් උනන්දු කරවීමට විවිධ ප්‍රචාරණ ගෙන ගියද ඡන්ද දායකයින්ගෙන් ඊට අඩු ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි .

ආසන 290කින් යුත් ඉරාන පාර්ලිමේන්තුව සදහා අපේක්ෂකයින් 15,000ක් පමණ තරගවදින බව පැවසේ..

එරට ඉහළම දේශපාලන අධිකාරිය වන උත්තරීතර නායකයා පත් කිරීමේ බලය සහිත විශේෂඥ සභාවේ ආසන 88ක් සදහා 144 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ද  ටෙහෙරානයේදී ඡන්දය ප්‍රකාශ කළ බවත්, කමේනිගේ වයස මේ වන විට අවුරුදු 84 ඉක්මවා තිබෙන බවත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...