ලෝක ජනගහනයෙන් මිලියන 10 ක් ගතවූ සතිය තුළ ඔමික්‍රෝන් ආසාදිතයන් බවට පත් වෙලා!

Date:

ගතවූ සතිය තුළ ලොව පුරා ඔමික්‍රෝන් ආසාදනයට ලෝක ජනගහනයෙන් මිලියන 10 ක් ගොදුරු වී තිබේ.මේ අතර ඉන්දියාවෙන් වාර්තා වන්නේ 2021 ජූනි මාසයෙන් පසු වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි.

එක් දිනක් ඇතුළත ඉන්දියාවේ 58,000 ක් ආසාදිතයන් බවට පත් ව ඇති අතර, එය 55%ක වැඩි වීමකි. මේ වන විට දිල්ලි, මුම්බායි සහ කල්කටා යන නගරවලින් වාර්තා වන කෝවිඩ් රෝගීන්ගෙන් 75%ක්ම ඔමික්‍රෝන් ආසාදිතයන් ය.

මෙයට සමගාමීව ඉන්දියාවේ පළාත් ගණනාවක ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර, එහි කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවට විවේචනයක් ද පැන නගිමින් තිබේ. විචාරකයන් පෙන්වා දෙන්නේ මෙය ආසාදන අඩුවීමට හේතු නොවන බවයි.

මේ අතර චීනයේ ‘කෝවිඩ් ඇප්’ ජංගම දුරකථන යෙදවුම දෝෂ රැසක් පෙන්නුම් කළේ ලොක්ඩවුන් නගරවල ජනතාව අතර විශාල නොසන්සුන් කමක් ඇති කරමිනි.

එක්සත් රාජධානියේ මිලියන 1.2 ක ජනතාවක් හුදෙකලාකරණයට ලක් කර තිබෙන්නේ මෙම නව කෝවිඩ් ප්‍රභේදය සම්බන්ධ පරීක්ෂාවන් සඳහා ය.

ජපානයේ කෝවිඩ්-19 ද ඔමික්‍රෝන් හේතුවෙන් හිස ඔසවමින් තිබෙන අතර, ඔකිනාවා පළාතේ හමුදා කඳවුරු ආශ්‍රිතව කෙටි කාලයක් තුළ නව ආසාදන 164 ක් වාර්තා වී තිබේ. ඒ අනුව ඔකිනාවා පළාතේ හමුදාවට එරෙහි උද්ඝෝෂණ ද දැකගත හැකි විය.

මේ වන විට පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ, ඩෙල්ටා ප්‍ර භේදයටත් වඩා වේගයෙන් ඔමික්‍රෝන් විසින් ලෝකය වෙළා ගනිමින් තිබෙන බවයි.

OUTBOUNDTODAY – AMALI JAYAWEERA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...