මහනුවර තවම එකට – සතියේ වැඩිම ලකුණු යොන්ගෙන් සහ මොහාන්ගෙන්

Date:

නිපොන් පේන්ට් ජාතික රගර් ලීග් සූරතාවයේ හයවන සතිය නිමා වන විටත් සිය අපරාජිත බව රැක ගන්නට ඉකුත් වසරේ නිපොන් ලීග් සූරයන් වූ මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටිනවා.ඉකුත් සතිය වන විට ජයග්‍රහණ හතර බැඟින් ලබා සම තත්ත්වයේ සිටි හැව්ලොක්ස් සහ සීආර් කණ්ඩායම් අතරින් මේ සතිය නිමා වන විට ජයග්‍රහණ 5 දක්වා ඉදිරියට ඒමට හැකි වූයේ සීආර් කණ්ඩායමට පමණයි.හැව්ලොක්ස් කණ්ඩායමට අනපේක්ෂිත පරාජයකට මුහුණ දෙන්න වීම නිසා සීආර් ඛණ්ඩායම දෙවන තැන රැඳෙද්දී තෙවන තැන දක්වා පහළට එන්නට හැව්ලොක් කණ්ඩායමට සිඳු වුණා.

මේ සතිය තුළ වැඩිම ලකුණු එකතු කළ ක්‍රීඩකයින් සේ පොලිස් කණ්ඩායමේ යොහාන් පීරිස් සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමේ මොහාන් චතුර ලකුණු 11 බැඟින් ලබා ගත්තා.යොහාන් එක් උත්සාහක දිණුමකින් සහ උත්සාහක දිණුම් තුනක ප්‍රවර්ථන සාර්ථක කර ගනිමින් පොලිස් කණ්ඩායමට ලකුණු 11 රැස් කර දුන්නා.සීආර් කණ්ඩායම වෙනුවෙන් මොහාන් චතුර ලකුණු 11 ක් රැස් කළේ නිදහස් පහර තුනකින් සහ උථ්සාහක දිණුමක එක ප්‍රවර්ථනයක් සාර්ථක කර ගනිමින්.ඉකුත් වසරේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ මහනුවර කණ්ඩායමේ තරිඳූ රත්වත්ත ද ඉකුත් සතියේ උත්සාහක දිණුමක්,එක් ප්‍රවර්ථනයක් සහ නිදහස් පහරක් මඟින් ලකුණු 10 ක් රැස් කරන්නට සමත් වුණා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...