මහනුවර තවම එකට – සතියේ වැඩිම ලකුණු යොන්ගෙන් සහ මොහාන්ගෙන්

Date:

නිපොන් පේන්ට් ජාතික රගර් ලීග් සූරතාවයේ හයවන සතිය නිමා වන විටත් සිය අපරාජිත බව රැක ගන්නට ඉකුත් වසරේ නිපොන් ලීග් සූරයන් වූ මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටිනවා.ඉකුත් සතිය වන විට ජයග්‍රහණ හතර බැඟින් ලබා සම තත්ත්වයේ සිටි හැව්ලොක්ස් සහ සීආර් කණ්ඩායම් අතරින් මේ සතිය නිමා වන විට ජයග්‍රහණ 5 දක්වා ඉදිරියට ඒමට හැකි වූයේ සීආර් කණ්ඩායමට පමණයි.හැව්ලොක්ස් කණ්ඩායමට අනපේක්ෂිත පරාජයකට මුහුණ දෙන්න වීම නිසා සීආර් ඛණ්ඩායම දෙවන තැන රැඳෙද්දී තෙවන තැන දක්වා පහළට එන්නට හැව්ලොක් කණ්ඩායමට සිඳු වුණා.

මේ සතිය තුළ වැඩිම ලකුණු එකතු කළ ක්‍රීඩකයින් සේ පොලිස් කණ්ඩායමේ යොහාන් පීරිස් සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමේ මොහාන් චතුර ලකුණු 11 බැඟින් ලබා ගත්තා.යොහාන් එක් උත්සාහක දිණුමකින් සහ උත්සාහක දිණුම් තුනක ප්‍රවර්ථන සාර්ථක කර ගනිමින් පොලිස් කණ්ඩායමට ලකුණු 11 රැස් කර දුන්නා.සීආර් කණ්ඩායම වෙනුවෙන් මොහාන් චතුර ලකුණු 11 ක් රැස් කළේ නිදහස් පහර තුනකින් සහ උථ්සාහක දිණුමක එක ප්‍රවර්ථනයක් සාර්ථක කර ගනිමින්.ඉකුත් වසරේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ මහනුවර කණ්ඩායමේ තරිඳූ රත්වත්ත ද ඉකුත් සතියේ උත්සාහක දිණුමක්,එක් ප්‍රවර්ථනයක් සහ නිදහස් පහරක් මඟින් ලකුණු 10 ක් රැස් කරන්නට සමත් වුණා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...