අ. කාබනික රතන හිමිට මහණ දම් පුරන්න හිතිලා … (VIDEO)

Date:

දේශපාලනය යනු අසීරු වැඩක් බවත් දේශපාලනය නොකර බණක් භාවනාවක් කරගෙන සිටින්නට තමන්ට සිතෙන වාර අනන්ත බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

“සමහරු කියනවා රතන හාමුදුරුවෝ ජනාධිපතිතුමාට ලණු දීලා, වස විසෙන් තොර ගොවිතැන මම තමයි පටළැව්වේ කියලා. වස විසෙන් තොර ගොවිතැනට මම කැමතියි, හැබැයි මම කියනවා මේ වගේ අපිළිවෙලින් ඒක කරන්න ගියොත් විශාල ඛේදවාචකයක් ඇතිවෙන්න පුළුවන්. මිනිස්සු සාගතෙන් මැරෙන තත්වයක් එනවා. ඒ නිසා රජයට අපි කියන්නෙ එකයි, අර රටේ ගූ පොහොරයි – මේ රටේ අර පොහොරයි – අර නැනෝ මොනෝ මොකක්වත් නොදන්නා මඟුලයි මේ එකක්වත් අපට ඕනෙ වෙන්නෙ නෑ. අපට ඕනෙ කරන්නෙ එක දෙයයි මේ වෙලාවෙ. මොකක්ද, හෙක්ටයාරයට යූරියා ගෙන්වන්න යනවා අද කාලෙ හැටියට රුපියල් 40,000ක්. කරුණාකරලා ඒ 40,000 ගොවියන්ට දෙන්න. නිලධාරීනුත් එපා, වෙන කවුරුවත් එපා අපි ගොවියන්ට පොහොර හදන හැටි කියලා දෙන්නම්.

රතන හාමුදුරුවෝ ආයෙ ඡන්දෙ ඉල්ලන්න එන්නෙ නෑ. ආයෙ ඡන්ද ඉල්ලන දේශපාලනයක් නෙවෙයි, ජනතාව සවිබල ගන්වන අලුත් ජනතා ව්‍යාපාරයකට අපි මුලපුරන්න ඕනෙ. මම ඒකට සූදානම්.

දේශපාලනය කියන්නෙ හරි අසීරු වැඩක්. දේශපාලනය නොකර බණක් භාවනාවක් කරගෙන ඉන්න හිතෙන වාර අනන්තයි. තව වෙලාවකට හිතෙනවා ලෝකෙ වටේ ගිහිල්ලා යමක් කමක් තියෙන මිනිස්සුන්ට කතා කරලා හොඳට ජීවිතයක් ගත කරන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒ වුණාට මේ රත්තරන් බිම දාලා යන්න බැරි බැඳීමක් තියෙනවා අපට”

අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ පෙරේදා (26) මොණරාගල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.


කාබනික වගාව පිළිබඳ වගකීමෙන් දැන් කර අරින්නට මොනවා කීවත් මේ කාබනික වගා ව්‍යාපෘතියේ වගකීම ජනාධිපතිවරයා විසින් පවරා ඇත්තේ තමන්ට බවට මුලදී පම්පෝරි ගසා තිබුණේ ද මේ රතන හිමි මය. ඒ, කාබනික වගාව පිළිබඳ ප්‍රචාරණය නැගලා යන කාලයේදී ය. ඇත්තෙන්ම එහිමි ඒ කාලයේ පෙනී සිටියේ තමන්ගේ නමත් නිකම්ම නිකම් අතුරලියේ රතන නොව අතුරලියේ කාබනික රතන මෙනි. දැන් ගොවීන්ගේ අස්වනු අඩුවෙමින් තිබියදී රතන හිමි කියන්නේ තමන් කාබනික වගාවට ආසා වුණත් මෙහෙම කරන්නැයි නොකී බවය. කාබනික වගාව ජයග්‍රාහී වුණා නම් ඊට උප්පැන්න දෙන්නට දත් මැදගෙන සිටි රතන හිමි මෙන්ම වෛද්‍ය අනුරුද්ධ පාදෙනියත් දැන් හැසිරෙන්නේ මේ ආකාරයට ය. ජනාධිපතිවරයාට වුවත් මොවුන් විශ්වාසයට ගෙන වැඩකිරීම සම්බන්ධයෙන් මේවා හොඳ පාඩම් ය.

අනෙක් අතට රතන හිමියන් කියනා පරිදි මෙතෙක් සිදුකළ දේශපාලන, ව්‍යාපාරික කටයුතු අතහැර දැන් එහිමියන්ට බණක් භාවනාවක් කරගෙන මහණ දම් පුරන්නට සිතක් පහළ වී තිබේ. බැරිවෙලාවත් රතන හිමි ඒ ආකාරයෙන් මහණ දම් පුරන්නට ගියොත් ශාසනයටත්, පඬු හැළියටත් අත්වන්නේ රටේ කෘෂිකර්මාන්තයට අත්වූ ඉරණම මය. එහෙයින් රතන හිමියනි, මෙතක් කරගෙන ආ ආකාරයෙන්ම ඔය දේශපාලනය ම හොඳටම කරගෙන යන්න.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 06කට මරණ දණ්ඩනය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : 2015 වසරේ...

වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ‘ජාතික...

කොළඹ කොටස් වෙළඳපොලෙන් අදත් වාර්තාවක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ...

තවත් පෙත්සමක් විසිවෙයි!

කොළඹ LNW:හම්බන්තොට අලි ඇතුන් රක්ෂිත කලාපය තුළට පලවා හැරීම...