වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙනාට ඇප

අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි ඉසුරුපායට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙනාට අධිකරණය විසින් ඇප නියම කර තිබේ.

ඒ, අද (27) දිනයේදී ඔවුන්ව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

නඩුව යළි මැයි 30 වැනිදා කැඳවීමට නියමිතයි.

RN