ෆින්ලන්තයෙන් යුක්‍රේනයට යුධමය ආධාර

Date:

ෆින්ලන්තය යුක්‍රේනයට යුධමය ආධාර ලබාදීමට සිය එකඟතාවය පල කර තිබේ.

ඒ අනුව යුක්රේනයට යුද ටැංකි නාශක අවි, හිස්වැසුම් සහ ශරීර සන්නාහ ඇතුළු හමුදා ආධාර යවන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මීට පෙර ස්වීඩනයද මෙම තිරණය ගන්නට විය.ස්වීඩන් අගමැති මැග්ඩලේනා ඇන්ඩර්සන් සහ ආරක්ෂක අමාත්‍ය පීටර් හල්ට්ක්විස්ට් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ යුක්රේනයේ හමුදාවට සහය දැක්වීම සඳහා විසින් ටැංකි නාශක අවි 5,000ක්, හිස්වැසුම් 5,000ක්, ශරීර සන්නාහ ඒකක 5,000ක් නැව්ගත කරන බවයි.මේ සමගම මීට පෙර අසල්වැසි ෆින්ලන්තයද යුක්රේනයට ආධාර ලෙස හෙල්මට් 2,000ක්, වෙඩි නොවදින කබා 2,000ක්, ස්ට්‍රෙචර් 100ක් සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් සඳහා උපකරණ යවන බව ප්‍රකාශ කළේය.

රජයේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් STT ප්‍රවෘත්ති ඒජන්සිය සඳුදා පස්වරුවේ වාර්තා කළේ දැන් යුක්රේනයට ඝෘජුවම ආයුධ යැවීමට ෆින්ලන්ත රජය ඒකමතික තීරණයක් ගෙන ඇති බවයි.අග්‍රාමාත්‍ය Sanna Marin , විදේශ අමාත්‍ය Pekka Haavisto සහ ආරක්‍ෂක අමාත්‍ය Antti Kaikkonen යන මහත්වරුන් මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.රුසියාවේ ආක්‍රමණයකට එරෙහිව යුක්රේනය සටන් වදින බැවින් ෆින්ලන්තය යුක්රේනයට ආයුධ එවිය යුතු බව සඳුදා දිනට පෙර එරට විපක්ෂ ජාතික සභාග පක්ෂය (එන්සීපී) ඉල්ලා සිටියේය.සඳුදා උදෑසන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ එන්සීපී නායක පෙටෙරි ඕර්පෝ ලිවීය, ෆින්ලන්ත රජය ඉක්මනින් රැස්වී යුක්රේනයට ද්‍රව්‍යමය ආධාර පමණක් සීමා නොවන බවත් ආයුධ යැවීමට සලකා බලනු ඇතැයි සිය පක්ෂය බලාපොරොත්තු වන බවත් සඳහන් කරයි.මේ වන විටත්,යුක්රේනයට ආයුධ යැවීමට යුරෝපා සංගමයේ රටවල් කිහිපයක් ප්‍රතිඥා දී ඇත.

මෙයට ප්‍රතිචාර යක් ලෙස ඉරිදා, එරට ආරක්ෂක ඇමති Kaikkonen ෆින්ලන්තය ආයුධ සැපයීමේ හැකියාව ප්‍රතික්ෂේප නොකළ අතර, සිය රට යුක්රේනය සඳහා ආයුධ සඳහා මූල්‍ය ආධාර කිරීමට යුරෝපීය සාමාජිකත්වයේ ප්‍රයත්නයක කොටසක් බව පැවසීය.

Sahan Hewagamage – Outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...