*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා නීති විද්‍යාලයට වසර 150ක්‌ සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් වේ!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 03, කොළඹ (LNW): ශ්‍රී ලංකා නීති විද්‍යාලයට වසර 150ක්‌ සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අලුත්කඩේ නීති විද්‍යාල ශ්‍රවනාගාරයේදී සිදු විය.

රුවන් ඉන්ද්‍රජිත් උපසේන මහතා විසින් රු.50ක වටිනාකමකින් යුතු මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය නිර්මාණය කර තිබෙනවා.

අග විනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය මහතා, නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා, නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක මහතා, විනිසුරුවරුන්, නීති ශිෂ්‍යයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan