ජීවත් වීමේ අයිතිය රැකගැනීමේ සටනකයි අපි ඉන්නේ – විදුලි ඉංජිනේරුවෝ (VIDEO)

බදු පනතට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්ති සමිති ඒකාබද්ධව ක්‍රියාත්මක කර තිබෙන ජාතික වැඩවර්ජනයට සහය දෙමින් ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 30ක පමණ ප්‍රමාණයක් ලෙඩ නිවාඩු වාර්තා කරමින් ඊට සහය දෙමින් සිටින බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

එහි සමලේකම් බුද්ධික විජේවර්ධන මහතා පැවසුවේ විදුලි ඉංජිනේරුවන් ඊයේ දින සිට දින 07ක් අකුටර වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද ගෙන තිබෙන බවයි.

මේ මොහොත වන විට ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරගැනීමේ සටනක නිරත වන අතර බුද්ධිගලනය වළක්වා ගැනීමේ සටනකද නිරත වීමට සිදුව තිබෙන බවයි විජේවර්ධන මහතා පැවසුවේ.

වෘත්තීය ක්‍රියා මාර්ග ගෙන තිබුණද සුපුරුදු ලෙස විදුලිය ලබා දීමේ කටයුතු සිදුවන නමුත් හදිසි බිඳවැටීමකදී එය යථාවත් කිරීමට යම් කාලයක් බව හෙතෙම සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...