*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

IOC සහ IBA අතර සබඳතා නරක අතට

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ විනිසුරුවන් විසින් ගත් තීරණවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඇති වූ සැක සංකා නිසා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඔලිම්පික් විනිසුරු කටයුතු සඳහා විනිසුරුවන් තේරීම සෘජුව ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය යටතේ සිඳු නොකර,ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා විනිසුරුවන් තේරීම සිඳු කරනු ලැබුවා.

මේ වන පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ද ස්වාධීනව විනිසුරුවන්ට ඉදිරිපත් වන ලෙස අන්තර්ජාලය හරහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉල්ලා ඇති අතර මේ දක්වා ඒ සඳහා බොක්සිං විනිසුරුවන්ගෙන් සැළකිය යුතු අන්දමේ ප්‍රතිචාරයක් ලැබී නැති අතර ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය ඒ සම්බන්ධයෙන් ඔලිම්පික් කමිටුවට දැඩිව දෝෂාරෝපනය කර තිබෙනවා.

IOC හි බොක්සිං සුදුසුකම් ආකෘතිය යටතේ, Santiago 2023 Pan American Games, Kraków-Małopolska 2023 European Games, Solomon Islands 2023 Pacific Games සහ ප්‍රමාද වූ Hangzhou 2022 Asian Games 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමේ තරඟ ලෙස භාවිතා කිරීමට නියමිතව තිබෙනවා.
IBA වෙත පක්ෂපාතීත්වය සම්බන්ධයෙන් පොදු මූලධර්මවලට ගරු නොකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විවේචනයට බඳුන් කරන ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සංවර්ධන අධ්‍යක්ෂ ක්‍රිස් රොබට්ස් ඔලිම්පික් කමිටු තීරණයට එකඟ වන විනිසුරුවන්ට,තාක්ෂණ නිලධාරීන්ට IBA හි තාක්ෂණික සහ තරඟකාරී (T&C) නීති කඩ කළ අය බවට සළකන බව විද්‍යුත් තැපෑල හරහා දන්වා තිබෙනවා.ඒ අනුව ඔවුන්ට ඉදිරියේදි ජාත්‍යන්තර බොක්සිං සංගමය සංවිධානය කරන ජාත්‍යන්තර ඉසව්වල විනිසුරු කටයුතු නොලැබී යාමට ඉඩ තිබෙන බවත් ක්‍රිස් රොබට්ස්ගේ අනතුරු සැඟවීමට එකතු කර තිබෙනවා.

කෙසේ වුවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ මේ ගැටළුවට ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය මුහුණ පාන ප්‍රධාන ගැටළුවක් වන්නේ ලෝකයේ සෑම ක්‍රීඩාවක්ම දැඬිව රුසියාවේ යුක්රේන ප්‍රහාරය හෙළා දකිමින් රුසියාවට ක්‍රීඩා සම්බාධක පැනවීමට තීරණය කරන සේ බල කරන තත්ත්වයක,රුසියානු ජාතිකයෙක් වන IBA සභාපතිවරයාගේ උවමනාවට එකඟ වෙමින් ඔවුන් රුසියාවට පනවා තිබූ බොක්සිං තහනම හිතුවක්කාර ලෙස ඉවත් කිරීමයි.

රුසියානු ජාතික IBA සභාපති උමාර් ක්‍රෙම්ලෙව් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අභියෝග කරන ආකාරයෙන් හැසිරීම මේ වන විට ජාත්‍යන්තර විසින් යුද අපරාධකරුවෙක් සේ නම් කර තිබෙන රුසියානු නායක පුටින්ගේම ස්වභාවය පෙන්වන්නක් හැටියට දැකිය හැකි අතර ලෝකය රටවල් වශයෙන් යුක්රේන ප්‍රහාරයට එරෙහිව රුසියාවේ ම්ලේච්ඡත්වය ප්‍රතික්ෂේප කරමින් තිබෙන තත්ත්වය තුළ, IBA සභාපති උමාර් ක්‍රෙම්ලෙව් ද බොක්සිං ලෝකයෙන් කොන්වීමේ අවදානමක් හෝ බොක්සිං, ලෝකයෙන් කොන්වීමේ අවදානමක් උද්ගතව පවතිනවා.ඒ ඉදිරියේදී වෙනත් රටවල් ගනු ලබන දේශපාලන තීරණවලට ඒ රටවල බොක්සිං දක්වන එකඟතාවය අනුව තීරණය විය හැකි අතර ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ අධ්‍යක්ෂ මණ්ඩලය මාර්තු 26 වන දා ඉන්දියාවේදී පවත්වන රැස්වීම අතිශයින් තීරණාත්මක වනු ඇති බව ක්‍රීඩාව සබැඳි ලෝකය විශ්වාස කරනවා.මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ ඩයන් ගෝමස් ද කටයුතු කරන බැවින් මෙය ශ්‍රී ලංකාවේ බොක්සිං අනාගතයට ද බෙහෙවින් වැදගත් වනු ඇති බැවින් ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව වැනි ආයතන එක්ව මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරනවා.

IBA සභාපති උමාර් ක්‍රෙම්ලෙව් “පළමුව, අපි එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. අනාගතයේ දී සහයෝගීතාව ඉහළ මට්ටමක පවතිනු ඇතැයි මට විශ්වාසයි පවසන වචන වචන පමණක් නොවී ප්‍රායෝගික භාවිතාවන් වීම අත්‍යවශ්‍යය වන අතර ඔහුට අනිවාර්යෙන්ම “රුසියානුවා” වෙනුවට ජාත්‍යන්තර බොක්සිංවලට වග කියන ප්‍රධානියා විදිහට ලෝකය සමඟ එකඟව වැඩ කිරීම ගැන තීරණයක් ගන්නට වනු නිසැකයි.
මෙහි ක්‍රිස් රොබට්ස් විසින් බොක්සිං විනිසුරුවන් සහ තාක්ෂණික නිළදාරීන් අමතමින් යවන ලද ලිපියද ඇතුළත් වෙනවා.

නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan