*
Thursday, March 20, 2025
spot_img

Latest Posts

දැන්වත් නිවැරදි විද්‍යාත්මක දත්ත මත පදනම්ව ආර්ථිකය හසුරවන්න – විපක්ෂ නායක සජිත් රජයෙන් ඉල්ලයි (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

2025 ජනවාරි මාසයේ නිල දරිද්‍රතා රේඛාව අනුව එක් පුද්ගලයකු සදහා මාසයක් ජීවත් වීමට රු 16,334ක් යැයි ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව තීන්දු කර ඇති බවත් 4ක් සිටින පවුලකට මසකට 65,336ක් යන බවත් මේ තුළින් ජීවත් විය හැකි ද කියා ප්‍රශ්න කරන බවත් ආහාර මෙන්ම ආහාර නොවන වියදම් ද ඇති බවත් වත්මන් බඩු මිලත් එක්ක මේ ඉලක්කයට යා හැකි ද කියා ගැටලුවක් ඇති බවත් ආනයනික කිරිපිට ග්‍රෑම් 400 පැකට්ටුව රු 50කින් ඉහළ ගොස් රු. 1,100ක් වන මොහොතක 4 දෙනකු සිටින පවුලක ආහාර සදහා රු. 65,336ක් ප්‍රමාණවත්වද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ගැන රජය නැවත විපරමක් සිදු කරන ලෙසත් අද වන විට දරිද්‍රතා රේඛාව මනින ක්‍රමය ගැන දෝෂ රැසක් ඇති බවත් මේ ගැන සොයා බලා දත්ත කේන්ද්‍රීයව රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කරන ලෙසත් වැරදි දත්ත මත රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය වුවහොත් හැමදේම අවුල් වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ හිටපු රජය අස්වැසුම ලබා දුන්නේද මෙවැනි අවිද්‍යාත්මක දත්ත මත පදනම්ව බැවින් එය අසාර්ථක වූ බවයි.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ගැන නැවත වරක් සිතන්න

මෙරට දළ දේශීය නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අද බරපතල ගැටලුවලට මුහුණ දෙන බවත් හිග ණය බොල් ණය ආදී ගැටලු ආදී ත්‍රිත්ව ඛෙදවාචකය නිසා නිර්මාණය වූ තත්ත්වය තුළ දඩ පොළි වැල් පොලි එකතු වී මොවුන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවත් මේ ණයබරතාවට තිරසර විසදුමක් දෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

ජාත්‍යන්තර වෙළෙද ගිවිසුම් ශක්තිමත් කරන්න

ජාත්‍යන්තර වෙළෙද සබදතා පවත්වා ගත යුතු බවත් දැනට අප රට ද්වි පාර්ශ්වීය බහු පාර්ශ්වීය වෙලෙද ගිවිසුම් ඇති බවත් මේ ගිවිසුම් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය දැන ගැනීමට අවශ්‍ය බවත් රටට අගයක් එකතු වන ලෙස මේ ගිවිසුම් සකස් කර ගත යුතු බවත් එවැනි තාක්ෂණික හැකියාවක් ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ශක්තිමත් වෙළෙද ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න යාන්ත්‍රණයක් ද පවතීද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ජීඑස්පී ප්ලස් වෙනුවෙන් විපක්ෂයෙනුත් සහාය ලබා දෙනවා

ජීඑස්පී ප්ලස් ගැන නැවත වතාවක් සාකච්ඡා වෙන බවත් රටට ආදරය කරන විපක්ෂයක් ලෙස හැමදාම ජීඑස්පී ප්ලස් එක වෙනුවෙන් හඩ නැගූ බවත් එය ලබා ගන්න උපකාර කරන බවත් ඒ හරහා රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලැබෙන නිසා එය රදවා ගන්න රජයට ද නිසි ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත් අප රටට ජීඑස්පී ප්ලස් හරහා භාණ්ඩ 3451කට ඇමෙරිකා එක්සත් ජනපද වෙලෙදපොළට ප්‍රවේශය තිබුණත් 2020 දෙසැම්බර් 20 අහෝසි වී ඇති මුත් තවමත් එය නැවත ආරම්භ කරන රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියක් ක්‍රියාත්මක වී නොමැති බවත් රජයට රාජ්‍ය තාන්ත්‍රික සබදතා තිබේ කියා පුරසාරම් බෑවා නම් මෙය නැවත ක්‍රියාත්මක කරන්න හැකිවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත්

එමෙන්ම පාරිභෝගිකයා මෙන්ම වෙළෙද ක්ෂේත්‍රය ගැන අලුතින් සිතිය යුතු බවත් ආහාර සුරක්ෂිතභාවය ගැන ප්‍රතිපත්ති සම්පාදනය කරන විට නිවැරදි ක්‍රමයකට යා යුතු බවත් එසේ නොවුවහොත් වැරදි දත්ත මත රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්න වන බවත් සංඛ්‍යා ලේඛන මොනව වුවත් අද රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තැනට පත්ව ඇති බවත් දළ දේශීය නිෂ්පාදනය සේම දළ දේශීය සතුට ගණනය කරන ලෙසත් සමහර යුරෝපානු ස්කැන්වේඩියානු රටවල් ගණනය කරන බවත් ඒ හරහා රටක ජනතාව සතුටින් ද කියා තීරණය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාරිභෝගිකයා සුරැකියා යුතුයි

පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ දී ගුණාත්මකභාවයෙන් ඉහළ පාරිභෝගිකයා සුරකින නව ක්‍රමවේදයකට ගොස් නීතිය ශක්තිමත් වී පාරිභෝගිකයා දැනුවත් වී ඵලදායී පැමිණීලි නිරාකරණ යාන්ත්‍රණයක් පැවතීම, නිෂ්පාදනය ආශ්‍රිත ආරක්ෂාව පැවැතීම යහපත් වෙළෙදදැන්වීම් හා අලෙවිකරණ පරිචයන් නිර්මාණය වීම, දත්ත ආශ්‍රිත ආරක්ෂාව මෙන්ම අධීක්ෂණය හා බලගැන්වීම සිදුවිය යුතු බවත් මේ හරහා පාරිභෝගිකයා සුරැකෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය හා පෞද්ගලික අංශ සහයෝගීතාව තුළ වෙළෙද ප්‍රවර්ධනය කාර්යක්ෂම සිදුකළ හැකි යි

වෙලද ප්‍රවර්ධනය ගැන කතා කරන විට ව්‍යාපාර කිරීමේ පහසුව, අපනයන ප්‍රවර්ධනය හා වෙළෙදපොළ ප්‍රවේශතාව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ආරම්භ ව්‍යාපාර වෙත සහාය ලබා දීම යටිතල පහසුකම් සංවර්ධනය, නවෝත්පාදනය හා ඩිජිටල් වෙලෙදාම, පාරිභෝගික විශ්වාසය, රාජ්‍ය හා පෞද්ගලික අංශ සහයෝගීතාව තුළ වෙළෙද ප්‍රවර්ධනය කාර්යක්ෂම සිදුකළ හැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 19) පාර්ලිමේන්තුවේ පැවති වෙළෙද වානිජ හා සමුපකාර ක්ෂේත්‍රයට අදාළ අයවැය විවාදයේදී ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan