අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල ගැන ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිගෙන් ප්‍රසංශා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 18, කොළඹ (LNW):මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුව ඇති අතර, එහිදී අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රීලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන යුක්තිය මෙහෙයුම තමන් අගය කරන බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා පවසා ඇති බව වාර්තා වේ.

විදේශ ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වීඇති අතර, ජාතික ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මෙම හමුවේදී තානාපතිවරයා සහ අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර අදහස් හුවමාරු කර ගත් බවද පැවසේ.

අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මේ වනවිට ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක ප්‍රජා පොලිස් කමිටු වැඩසටහනේ සාර්ථකත්වය සහ එහි වැදගත්කම පිළිබඳවද ජපාන තානාපතිවරයා දැනුවත් කරනු ලැබ ඇත.

තවදුරටත්ඉ දිරියේදී යළිත් අවස්ථාවක ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවී ඉහත සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට බලාපොරොත්තු වන බවද පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...