(VIDEO):අවුරුදු පහක් ඉටු නොවුණු යුක්තිය දැන් ඉටුවෙයි කියලත් විශ්වාසයක් නැහැ!

Date:

කොළඹ LNW:වසර පහක් ඉටු නොවුණු යුක්තිය තමන්ගේ ප්‍රකාශයක් ගැනීමට කැඳවීම හරහා ඉටුවෙනු ඇතැයි විශ්වාසයක් නොමැති බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන ප්‍රධානී “ඥානාර්ථ ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා පැවසූහ.

පියතුමන් මේ බව පැවසුවේ අද (19) ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපර්තමනේතුවට යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාස්කු ප්‍රහාරය පමණක් නොව යුක්තිය තවත් ඝාතන,පැහැර ගැනීම්, අතුරුදහන් වීමේ සිදුවීම් රැසක් පවතින අතර මේවාට යුක්තිය ඉටුවීමට නම් පවතින ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු වන බවද උන්වහන්සේ සඳහන් කළහ.

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරගැනීමට ඇත්ත වුවමනාවක් ඇත්නම් දැනටමත් ඒ සම්බන්ධයෙන් තොරතුරු රැසක් තිබෙන හෙයින් එම ප්‍රහාර මාලාව පිටුපස සිටි අය සොයා ගත හැකි බවයි පියතුමන් කියාසිටියේ.

මෙය නීතියේ ප්‍රශ්නයක් නොව නීතිය ක්‍රියාත්මක කරන අයගේ ප්‍රශ්නයක් බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...