අද අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන්

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 25, කොළඹ LNW:

අබුඩාබි හී පැවත්වෙන ශ්‍රී ලංකා ඒ,ඇෆ්ගනිස්තාන ඒ සහ අයර්ලන්ත ඒ කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියේ අවසාන තරගයට ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය පෙනී සිටින්නට නියමිතයි.අද පැවත්වෙන මෙම තරගයේදී මේ දක්වා අපරාජිතව සිටීම නිසාම මෙන්ම දක්වා ඇති දක්ෂතා අනුව ද ශ්‍රී ලංකාව කුසලානයට ආසන්නයෙන් සිටින බව කිව හැකියි.


විශේෂයෙන්ම අවසාන තරගය දක්වා පැවති තරගාවලියේ දත්ත සළකා බැලීමේදි ශ්‍රී ලංකා පන්දු යවන්නන් මේ තරගයේ ප්‍රතිවාදීන්ට එරෙහිව වැඩියෙන්ම බලපෑම් කළ පිරිස වී සිටිනවා.මේ දක්වා දක්වා ඇති දක්ෂතා පිළිබඳව අවධානය කරද්දි වැඩිම කඩුලුලාභින් අතර ඉදරියෙන්ම සිටින පන්දු යවන්නන් තිදෙනාම ලාංකිකයන් විම කැපී පෙනෙනවා.ඒ අතරින් තරග 4ක් ක්‍රීඩා කර ඇති තරිඳු රත්නායක කඩුලු 9 ක් බිඳ දමා වැඩිම කඩුලුලාභින් අතර පෙරමුණ ගෙන සිටිනවා.තරග 3 බැඟින් ක්‍රීඩා කළ දුෂාන් හේමන්ත සහ ඩිල්ෂාන් මධුශංක සම දෙවන තැන පසුවෙනවා.


පිතිකරණයේදි වඩාත් කැපී පෙණුන පිතිකරුවන් අතර පරාජිත ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් තරගාවලියේ ලකුණු 264 ක එකතුවක් තිබෙන නායක ඩාර්විස් රසූල් පළමු තැන සිටින්නේ තරග 4 ක් සඳහා ක්‍රිඩා කිරීමෙන් අනතුරුවයි.ඊ ළඟට පෙළ ගැසී සිටින දෙවන සහ තෙවන පිතිකරුවන් වන්නේ පිළිවෙලීන් නායක සධීර සමරවික්‍රම සහ ලහිරු උදාරයි.ඔවුන් දෙදෙනාම ක්‍රිඩා කර තිබෙන්නේ තරග තුන බැඟින් පමණයි.


එහෙත් අවසාන තරගය වෙනම අලුත් තරගයක් නිසා අද තරග මොහොතේ කණ්ඩායමක් හැටියට දක්වන සාර්ථකත්වය මෙන්ම පෞද්ගලික දක්ෂතා කණ්ඩායම වෙනුවෙන් කෙතරම් දුරට වැදගත් වේ ද යන ගැටළුව ද සහිතයි.ඒ නිසා අද දවස ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේ මූලික තරගවලදී දක්වන ලද දක්ෂතා කෙතරමි දුරට සුරක්ෂිත කර ගන්නේද යන්න සූරයන් වීමේ අභිප්‍රායට බලපානු ලබනවා.මෙහිදී වඩාත්ම සිහි තබා ගත යුතු කාරණය වන්නේ අයර්ලන්තය දෙවරක්ම මේ තරගාවලිය තුළ ශ්‍රී ලංකාවට පරාජය වී තිබෙන නිසා ඔවුන්ට මේ තරගයේ දී ආරක්ෂා කර ගන්නට දෙයක් නැති බව තේරුම් ගැනීමයි.ශ්‍රී ලංකාවට මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන ආ ජයග්‍රහණ අවසාන තරගයේදි ද ආරක්ෂා කර ගන්නට සිඳු වි තිබෙනවා.මේ නිසා අයර්ලන්තයට ජයග්‍රහණය සොයා ආවොත් ආවා ගියොත් ගියා මාදිලියේ තරග සැළසුමකට පැමිණිය හැකි වුව ද ශ්‍රී ලංකාවට ඇත්තේ වඩා ආරක්ෂාකාරීව ජයග්‍රහණය සුරක්ෂිත කර ගැනීමේ සටනක්.ඒ පීඩනය සහ රදවා ගත යුතු මානසිකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති පුළුල් උවමනාව තුළ සාමාන්‍ය මට්ටමට එය කළමණාකරනය කර ගැනීම වැදගත් වනු ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...