*
Wednesday, May 15, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවට වැදගත් වන ගෝලීය ස්වෛරීත්ව ණය පිළිබඳ වටමේස සාකච්ඡාව

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාත්‍යන්තර මූල්‍ය අරමුලද අපේක්ෂා කරන්නේ, ශ්‍රී ලංකාව ඇතුළු දැඩි ණයගැතිභාවයට පත්වී ඇති රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණයට කැපීපෙනෙන ප්‍රගතියක් අත් කරගැනීමට අද (09) පැවැත්වෙන ගෝලීය ස්වෛරීත්ව ණය පිළිබඳ වටමේස සාකච්ඡාව ඉවහල්වනු ඇති බවයි.

එම සාකච්ඡාවෙන් පසුව තුලනාත්මක ණය සහන ලබාදීම පිළිබඳ වැඩමුළුවක් ලබන 15 වනදා පැවැත්වීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක් පවසයි.

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදවලට මුහුණදෙන රටවලට විසඳුම් සොයන වටමේස සාකච්ඡාව අද  පැවැත්වෙයි.

G20 කණ්ඩායමේ වත්මන් සභාපති, ඉන්දියාව, පැරිස් සමාජයේ නිල ණයහිමි රටවල සභාපති ධුරය දරන ප්‍රංශය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ චීනය ඊට සහභාගීවීමට නියමිතය.

ණය අර්බුද විසඳීමට අදාළ තාක්ෂණික කරුණු පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති අතර , අද සාකච්ඡාවට සහභාගීවන රටවල නියෝජිතයින්ගේ තවත් සාකච්ඡාවක් ලබන 30 වනදා පැවැත්වෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක් සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan