*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

රනිල් වටා නව රැල්ලක්..

“ආණ්ඩු පක්ෂයේ හිටියත්, විපක්ෂයේ හිටියත් අපි එකතුවෙලා රට ගොඩනගමු.දැන් ඒ අවස්ථාව උදාවෙලා තියන්නේ.ඒ නිසා මම නැවතත් ඉල්ලනවා මේ රටේ ජනතාවට සහන දෙන්න කරුණාකරලා අපි එකතු වෙමු කියලා.මේ විදිහට බොරු තර්ක ඉදිරිපත් කරලා හරියන්නේ නෑ. විපක්ෂය දිගටම ඒවායින් අසාර්ථක වුනා”

එහෙම කිව්වේ රනිල්.ඒ පහුගිය 03 වෙනිදා මහින්ද අමරවීරගේ දේශපාලන දිවියට වසර 32 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරලා තිබුණ උත්සවයකදී. එතනදී රනිල් ආයෙත් ආණ්ඩුවට සහය දෙන්න කියලා විපක්ෂයට ආරාධනා කළා. ඇත්තටම රනිල් විපක්ෂය කිය කියලා කාටද මේ ආරාධනා කරන්නේ?සජිත්ටද?අනුර සහෝදරයටද?TNA එකට?ශ්‍රිලනිපයටද නැත්තං සමස්ථ විපක්ෂයටමද?රනිල්ගේ ඒ කතාවේම එක තැනක කියනවා ආණ්ඩුවට සහය දුන්නා කියලා විපක්ෂ නායකකමට කිසිම තර්ජනයක් වෙන්න ඉඩ තියන්නේ නෑ කියලා.එහෙනම් කතාව පැහැදිලියි,රනිල්ගේ ආමන්ත්‍රණය කරන්නේ සජිත්ට.රනිල්ට අනුරගේ සහය ගන්න උවමනාවක් නෑ වගේම අනුරලා රනිල්ට ඒ ජාතියේ සහයක් දෙන්නෙත් නෑ.අනුරට රනිල් දිලා තියෙන්නේ විපක්ෂයේ ඉඳන් කරන කොන්ත්‍රාත්තුවක්.අනුර සහ රනිල් දෙපැත්තේ ඉදන් ලස්සනට පිට කහ ගන්නවා.ජවිපෙ මොන නීති විරෝධී වැඩේ කලත් රනිල් ඒවා ගනන් ගන්නේ නෑ.

ජවිපෙ කරන ඒවට පරිප්පු කන්නේ පොරටුගාමින් සහ අන්තරේ කට්ටිය.ඒකනේ අනුර ඕස්ට්‍රේලියාවේදී කිව්වේ අපි නං සමකාමීව තමයි බලය ගන්න යන්නේ කියලා.අනුර ඒ කිව්වේ මොකද්ද?අපි නං සාමකාමී අරුන් තමයි සටන්කාමී කියලනේ.අනුර වෙන විදිහකට පෙරටුගාමින් පාවලා දුන්නා.හරි දැන් තියන ප්‍රශ්නය රනිල්ගේ මේ ආරාධනය සජිත් පිලිගනීද,නැද්ද කියන එකයි. ආරාධනාවක් ආවම පිලිගන්නවද, නැද්ද කියන එක තීරණය කරන්නේ ආරාධනා පත්‍රය කියව ගත්තට පස්සේ.රනිල්ගේ මේ ආරාධනාව සජිත් ක්‍රම කීපයකට කියවා ගන්න පුළුවන්.සජිත්ට මෙහෙම හිතෙන්න පුළුවන්.දැන් රනිල්ට පොහොට්ටුවේ සහයෝගයක් නෑ.කොයිවෙලේ හරි ආණ්ඩුව වැටෙනවා.ඒක හින්දා මට කතා කරනවා කියලා.එහෙමත් නැත්තං සජිත්ට හැදෙන ජන රැල්ලට බයවෙලා වෙන කරන්න දෙයක් නැතිකමට රනිල් කතා කරනවා කියලත් හිතන්න පුළුවන්. මොකද අර කතාවක් තියෙන්නේ කපන්ඩ බැරි අත ඉඹිනවා කියලා.

සමහරවිට සජිත් මෙහෙම හිතන්නත් පුළුවන් රනිල් දැන් යම් ප්‍රමාණයකට රට සන්සුන් කරගෙන මෙතනින් එහාට රට ගෙනියන්න නං මං වගේ වැඩකාරයෙක් ඉන්න ඕනි.ඒකට කතා කරනවා වෙන්න ඇති කියලා.හැබැයි ඔතන සජිත්ට හිතාගන්න බැරි පැතිත් ඕනි තරම් ඇති.සමහරවිට සජබය කඩලාදාන්න ඉස්සෙල්ලා අන්තිම වතාව සජිත්ට කතා කරනවාද දන්නේ නෑ.නැත්තං ඉතින් කොච්චර උනත් ප්‍රේමදාසගේ පුතානේ මේ යකාට මෙහෙම අනාත වෙන්න දෙන්න හොඳ නෑ පව් කියලා සද්භාවයෙන් කතා කරනවද දන්නෙත් නෑ.ඔය මොන විදිහට කතා කලත් රටේ රාළට මෙතන පේන එක දෙයක් තියනවා.රනිල් මීට ඉස්සෙල්ලත් අවස්ථා කීපයකදීම සජිත්ට කතා කලා. සමහරවිට දෙන්නා අතර රහස් සාකච්ඡාත් සිද්ධ වෙන්න ඇති. හැබැයි ඒ කතා කරපු හැම වෙලේම රනිල් හිටියේ අර්බුදයක. හැඩ පාරට ගසාගෙන යමින්.රනිල් ගිලෙමිනුයි හිටියේ.ගිලෙන්න යනකොට ඉතින් පිදුරු ගහෙත් එල්ලෙවා කියනවානේ.එතකොට කතා කරන්නේ බේරගන්න කියලා. හැබැයි දැන් රනිල් හැඩපාර මගෑරලා ඇවිත් ගලක් උඩට නැගලා.රනිල් තවම සම්පුර්ණයෙන් ගොඩ ගිහින් නැතත් දේශපාලන වශයෙන් ගිලිලා මැරෙන්න තිබුණ ජීවිත අවධානම දැන් නෑ.

හැබැයි දැන් සජිත් ඉන්නේ පහසු තැනක නෙවෙයි.දැන් සැඩ පහරේ පීනන්නේ සජිත්. රනිල් දන්නවා සජිත් මේ ගල ළගින් පහලට යනවා කියලා.රනිල් අහන්නේ ගල උඩට එන්න අත දෙන්නද කියලයි.එතන ඉදන් දෙන්නත් එක්ක ගොඩ යමුද කියලයි. සමහරවිට රනිල් ඉතිරි ටික සජිත්ගේ කරේ යන්න හිතනවා වෙන්නත් පුළුවන්.රනිල්ගේ ඒ ආමන්ත්‍රණයට සජිත්ගේ ප්‍රතිචාරය මොකක් උනත් අනිත් අයගේ ප්‍රතිචාර නං හොඳයි. පාර්ලිමේන්තුවේ 122 ක් රාජපක්ෂලා නැතිව හම්බවෙලා තියනවා.දැන් පොහොට්ටුවේ තරුණ කණ්ඩායමක් වෙනම රනිල් එක්ක ගමනක් යන්න ලෑස්ති වෙනවා.නිමල් ලන්සලා ඒකට නායකත්වය දෙනවා.රනිල්ට තියෙන ජාත්‍යන්තර ප්‍රතිචාරයත් හොඳයි.IMF දෙවෙනි වාරිකයට ඉස්සෙල්ලා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700 ක් දෙන්න පොරොන්දු වෙලා.ඒකෙන් 250 ක් දීලා.ඉතුරු 500 ඇයවැය ඉලක්කය කරලා හම්බ වෙයි.රනිල් කරපු ආර්ථික ප්‍රතිසංස්කරණවල වාසියත් රනිල්ට කැරකිලා ඇවිල්ලා.30 වෙනිදායින් පස්සේ බැංකු ඉවරයි,බැංකු කඩා වැටෙනවා කියපු කතාත් දැන් ඉවරයි.

කොටස් වෙළඳපොල විවෘත කරපු ගමන් කොටස්වල මිල සීග්‍රයෙන් ඉහල ගියා.දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු පද්ධතියට බලපෑමක් නොවීම හින්දා කොටස්වල ලාබ ඉහල යයි කියන බලාපොරොත්තුවෙන් ගනුදෙනුකාරයෝ කොටස් මිලදී ගන්න ලොකු උනන්දුවක් දක්වනවා.Bloomberg ජාත්‍යන්තර වෙබ් අඩවිය කියලා තිබුණේ ශ්‍රී ලංකාව අර්බුදය මඟහැර ගත්තා කියලා.තවදුරටත් මේ විදිහට ඉස්සරහට ගියොත් ආයෝජකයයෝ ලංකාව ගැන උනන්දු වෙයි කියලත් bloomberg කියලා තිබුණා.දැන් රනිල් තමන් අතට ආපු කුරුල්ලා කීයටවත් අතාරින්නේ නෑ.ඊළඟට රනිල් අතේ තියන ආර්ථික සටන් පාඨය පාවිච්චි කරගෙන රනිල් දේශපාලන දැල එලන්න පටන් අරන්. මොකවත් නැතිව බින්දුවේ හිටපු රනිල් දැන් සියලු දෙනා පහුකරගෙන ගිහින්.මේක අපේ රටේ ජනතාවත් දකිමින් ඉන්නවා.දැන් රනිල් වටේට අලුත් දේශපාලන අවකාශයක් නිර්මාණය වෙමින් තියනවා.

රනිල් මේ හදන්නේ අලුත් සංධානයකින් ඒ දේශපාලන අවකාශය පුරවන්න.රනිල් සජිත්ට ආරාධනා කරන්නේ ඒ අර්ථයෙන් වෙන්නත් පුළුවන්,සජිත් ආරාධනාව බාරගන්නේ නැත්තං ඒ අවකාශය වෙන විදිහකට පුරවන්න රනිල්ට සිද්ධි වෙනවා.කොහොම උනත් ඊළඟ අයවැයත් එක්ක රනිල් තව පිම්මක් පනින්න තියන ඉඩ වැඩියි.සජිත් දැක්කේ නැතත් දැනටමත් මේ අවකාශය හදුනාගත්ත අය ඉන්නවා.ගොඩක් අය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් රනිල් ළඟට රිංගන්න හදන අය. බැසිල් ළඟ හිටපු චෞර වළල්ලේ කට්ටියත් රනිල් වටේට කැරකෙනවා.බැසිල් ළඟ හිටපු සිරිපාල අමරසිංහලා පවා රනිල් ළඟ ස්ථානගත වෙන්න මාන බලනවා.රනිල් ළඟම බැරි නං තුන හතර ශක්ති මට්ටම්වල හරි ස්ථාන ගතවෙන්න හදනවා.රනිල්ට බැරි නං ලන්සාට හරි කිට්ටුවෙන්න හදනවා.බැසිල් ළඟ හිටිය දූෂිතයෝ සහ හැම ජනාධිපතිවරණයකදීම කාටහරි විකිණෙන ජවිපෙන් අයින් වෙලා ඉන්න දේශපාලන අනාතයෝ ටිකකුත් ඉන්නවා.එයාලව එතෙන්ට ඇදලා කීයක් හරි හොයාගන්න තමයි අමරෙලා හදන්නේ.

දැන් ඒ ජාතියේ රැල්ලක් රනිල් වටේට හැදිලා තියනවා.කවුරු රාජ්‍ය නායකයා උනත් පරිස්සම් වෙන්න ඕනි ඒ ජාතියේ ලේ මාපිල්ලුන්ගෙන්.ඉස්සෙල්ලා වටකරගෙන පස්සේ නාස් ලණුව දාගෙන තමයි දෂ්ඨ කරන්නේ.රනිල් විතරක් නෙවෙයි මෙයාලගෙන් එජාපයත් පරිස්සම් වෙන්න ඕනි.මොකද මේ හදන්නේ අලුත් සන්ධානය ඇතුලේ එජාපයේ ඉඩ පැහැර ගන්න.රට හැදීම වෙනුවෙන් නං ඔය කොයි කවුරු සන්ධාන ගතවුනාට අපට ප්‍රශ්නයක් නෑ.හැබැයි තමන්ගේ පැවැත්ම වෙනුවෙන් දූෂිතයන් ගෙනත් දාගෙන ඔළුගෙඩි පෙන්නලා පුටුවකට යන්න හදන අයගෙන් රනිල්ටවත්,රනිල් හදන සන්ධානයටවත්,මේ රටටවත් යහපතක් වෙන්නේ නෑ.හැමදාම වෙන්නේ ඔය වගේ තක්කඩි ටිකක් ඔතෙන්ට රිංගනලා ගසා කන එක විතරයි.ඒක චන්ද්‍රිකාට,මහින්දට,මෛත්‍රිට සහ ගෝඨාභයට සිද්ධ වුනා.දැන් 2024 රනිල් දිනවන්න කියමින් ආයෙත් දේශපාලන තක්කඩි ඒ පැත්තට ගාටන්න පටන් අරන්.

රනිල්ගේ අතීත දේශපාලනයත් එක්ක අපට ප්‍රශ්නයක් තියනවා.දැනුත් ප්‍රශ්නාරී තැන් තියනවා.හැබැයි රනිල් ඉතාමත් අවධානම් තැනකදී මේ රට බාරගත්තා.රනිල්ගේ ඒ ආත්ම විශ්වාසයට අපි ගරු කරනවා.ඒක නිසාම රනිල් ඉතිහාසය ඇතුලේ තියලා හමගහන්න අපිට ඕනි නෑ.මොකද මේ මොහොතේ මේ රට අඟලක් හරි ඉස්සරහට ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ රනිල්ටයි.විපක්ෂයේ කාටවත් දැන් ඒ අවස්ථාව නෑ.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan