*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

අපරාජිතබව රැක ගැනීමේ සටන අද

මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ තරගවලදී මේ වන විට එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද සිය අපරාජිත බව රැක ගැනීමේ අවසන් උථ්සාහයට මුහුණ දීමට නියමිතය.ඒ හරාරේ හී දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවය.


මේ වන විටත් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවට වීසි වී සිටින කොදෙව් කණ්ඩායම අවසාන මොහොතේදී හෝ සිය ගෞරවය රැක ගැනීමට මෙම මොහොතේදී ප්‍රබල උථ්සාහයක් ගන්නවා සැක නැත.එසේම ශ්‍රී ලංකා කණ්ඩායම ද සිය අපරාජිත බවට කැළලක් නොවන්නට ගත හැකි සෑම වෙහෙසක්ම ගනු ඇත.


මෙම තරගවලදී පන්දු යැවීමේ අංශයෙන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම බවට පත්ව සිටින්නේ ශ්‍රී ලංකාවය.වනිඳු හසරංග දැනට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වුව ද,වැඩිම තර්ජනයක් එක්දින තරගයක ඇති කරන පන්දු යවන්නා බවට පත් සිටින්නේ මහේෂ් තීක්ෂණය.මේ දෙදෙනා ගොඩ නඟන පීඩනය මෙන්ම අවසන් තරග දෙකේදී ඩිල්ෂාන් මධුශංඝ ගොඩ නැඟූ පීඩනයද ප්‍රතිවාදීන්ට පහසු නැත.


ඒ ආකාරයෙන් බලන විට කොදෙව් කණ්ඩායමේ දුර්වලම අංශ වී ඇත්තේ ද පන්දු යැවීමය.ඔවුන්ගේ වේග පන්දුවෙන් ලෝකයක් සිය අණසකට යටත් කරගෙන සිටි ඉතිහාසයක් ඇති කොදෙව් ක්‍රිකට් අද තරගයක් ආරක්ෂා කර ගැනීමට බැරි තත්ත්වයකට සිය පන්දු යැවීම නිසා පත්ව ඇත.නමුත් කොදෙව් පිතිකරුවන් කිහිප දෙනෙකුම මේ තරගාවලියේදී ද අතිවිශිෂ්ඨ ඉණිම් ගණනාවක් ක්‍රීඩා කරනු දකින්නට ලැබිණ.ඒ නිසා අද තරගයද ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ විශිෂ්ඨත්වය සහ කොදෙව් ප්‍රහාරය අතර තරගයක් බවට පත් වෙනු ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan