විදේශ නායකයන් 13 දෙනෙකු මොජිතබා කමේනිගේ ඉලක්ක බව දැක්වූ ඉරාන පුවත්පත් වාර්තාවක් එලියට

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
හිටපු ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ මරණයෙන් අනතුරුව, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලකෙන අයතුල්ලා මොජ්තබා ඛමේනි පළිගැනීමේ දැඩි ප්‍රකාශයක් සිදුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එම පසුබිම තුළ ටෙහ්රාන් නගර සභාවට අයත් Hamshahri පුවත්පතේ ප්‍රකාශයට පත් කළ බව කියන ඉන්ෆොග්‍රැෆික් එකක විදේශීය දේශපාලන හා හමුදා නායකයන් 13 දෙනෙකුගේ ඡායාරූප සහ නම් ඇතුළත් කර තිබීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

එහි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලෝනි, ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්, ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්, CENTCOM ප්‍රධානී ජෙනරාල් බ්‍රැඩ් කූපර්, ඊශ්‍රායලයේ ඇමරිකානු තානාපති මයික් හකබී, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්, IDF ප්‍රධානී එයාල් සමාර් සහ ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියන් සා’අර් යන අය ඇතුළත් වී ඇත.

කෙසේ වෙතත්, එම ඉන්ෆොග්‍රැෆික් එකේ සඳහන් පුද්ගලයන් ඉරාන රජයේ නිල ඉලක්ක ලැයිස්තුවක් බවට කිසිදු නිල තහවුරු කිරීමක් මෙතෙක් සිදු වී නොමැත. එය Hamshahri පුවත්පත විසින් ප්‍රකාශයට පත් කළ දෘශ්‍ය ප්‍රකාශනයක් ලෙස පමණක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, ඉරානය සහ බටහිර රටවල් අතර පවතින උණුසුම් දේශපාලන හා ආරක්ෂක තත්ත්වය හමුවේ මෙම සිදුවීම ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති අතර, කලාපයේ ආරක්ෂක අවදානම තවදුරටත් ඉහළ යා හැකි බවට විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...