*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

සාරංගිටයි – සුමේධටයි ජම්ප්ස් තුනයි ත්‍රෝ තුනයි නව වාර්තා සමඟ පදක්කම් නයිජීරියාවට සහ පකිස්තානයට

මෑත කාලයේ මලල ක්‍රීඩා සඳහා එක් වු නව නීතිය අනුව දුර පැනීමේදී මෙන්ම හෙල්ල වීසි කිරීමේදී ද අවසාන තරගයට තරග වඳින තරගකරුවන් අතරින් පිමි තුනකට පසුව සහ වීසි කිරීම් තුනකට පසුව අවසාන අවස්ථා තුන හිමි වන්නේ මුල් අට දෙනාට පමණක් යන නීතියට යටත්ව සාරංගි ද සිල්වාට සහ සුමේධ රණසිංහට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ අවසාන අවස්ථා තුන හිමි වුණේ නැහැ.ඒ සාරංගි සහ සුමේධ මුල් අවස්ථා තුන නිමා කරන විට මුල් අට දෙනා අතර නොසිටි බැවින්.
ක්‍රීඩා නීතියට අනුව සාරංගි සහ සුමේධට අවස්ථා හයම නොලැබී ගිය ද මේ නීතිය සම්බන්ධයෙන් ලෝකයේ බහුතර මලල ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සිටින්නේ දැඩි විරෝධයක.කෙසේ වුවත් මෑථ කාලයේ දස්කම් අතර සිටි සාරංගි ඊයේ වාර්තා කළේ ඇයගේ මෑථ කාලයේ දුටු දුර්වලම පිමි වන අතර ඇයට පැනීමට හැකි වූ උපරිම දුර සටහන් වූයේ මීටර් 6.07 ක් ලෙසයි.තරගය ජයගත් නයිජීරියාවේ එසේ බෘමේ කාන්තා දුර පැනීමේ ඉසව්වේ පොදු රාජ්‍ය මණ්ඩලීය වාර්තාව මීටර් 7.00 සීමාවට රැගෙන යමින් තමන්ගේ අවසාන පිම්ම මීටර් 7.00 ක් ලෙස සටහන් කරනු ලැබුවා.
සුමේධ රණසිංහට ද සිය මුල් වීසිකිරීම් ත්‍රිත්වය තුළ වාර්තා කරන්නට ලැබුණු උපරිම දුර සටහන් වූයේ මීටර් 70.77 ක් ලෙසයි.මෙහිදී ඉන්දියාව නීජරා චොප්රා සමඟ හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් නව සංස්කෘතියක් නිර්මාණය කර තිබෙන අතර මීටර් 80 සීමාවේ රැඳෙන තවත් ඉන්දියානුවන් දෙදෙනෙක්ම මේ තරගයට එකතු තර සිටියා.නමුත් චොප්රාගේ තිබුණු දකුණු ආසියානු කීර්තියද තමන්ගේ නමට ලියා ගනිමින් මේ තරගය ජයගත්තේ පකිස්තානයේ අර්ෂාඩ් නදීම්.ඔහු මීටර් 90 සීමාවට හෙල්ල වීසිකිරීම රැගෙන පළමු දකුණු ආසියාතිකයා වෙමින් මීටර් 90.18 ක දක්ෂතාවයක් දක්වමින් ඉසව්ව ජය ගත්තා.
හෙල්ල වීසි කිරීමේ ඉසව්වේ මේ වසරේ හොදම දක්ෂතාවය වන මීටර් 93.07 ක් වාර්තා කළ සහ මෙවර ලෝක මලල ක්‍රිඩා සූරතාවලියේ රන් පදක්කම සඳහා මීටර් 90.54 ක දක්ෂතාවයක් දැක් වූ ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් නදීම් ගේ පිටුපස සිට තරගය හමාර කළේ මීටර් 88.64 ක දක්ෂතාවයක් දක්වමින්.දින ගණනාවකට පෙර නදීම් සහ ඇන්ඩර්සන් ඇමෙරිකාවේදි හමු වූ අවස්ථාවේ නදීම්ට වාර්තා කිරීමට හැකි වුණේ මීටර් 86.16 ක් පමණයි.
නදීම් සමස්ත දකුණු ආසියාවේ වැඩිම දුරකට හෙල්ලය වීසි කළ ක්‍රිඩකයා වෙන්නට මත්තෙන් දකුණු ආසියානු ත්‍රීඩා උළෙල වාර්තාවේදි හිමිකාරිත්වය දරනවා.ඒ 2019 දී මීටර් 86.29 ක දක්ෂතාවයක් දක්වමින් නේපාලයේදි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරිමේ ඉසව්ව ජය ගනිමින්.කෙසේ හෝ ඇන්ඩර්සන්,චොප්රා සහ නදීම් යන තිදෙනාම 1997 දී උපන් අය වන අතර ඒ අතරින් මාස ගණනක වෙනසකට අනුව වැඩිමහල් ක්‍රීඩකයා වන්නේ පකිස්තානයේ නදීම්.මේ වයස සමඟ දෙන සංඥාවට අනුව දකුණු ආසියානු කළපය තුළ රැදෙන්නටත් සුමේධ රණසිංහට වගේම අවධානයක් අලුතින් මතුව එන රුමේෂ් තරංග මෙන්ම ඔහුගේ පුහුණුකරු ප්‍රසන්න පෙරේරා වැන්නන්ටත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරීන් ලබා දිය යුතු වෙනවා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan