*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

දේශපාලන බලය ලබා ගැනීමට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කෙනෙක් විදියට තමයි සජිත්ව අපි හඳුනගත්තේ – මනූෂ

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ (LNW):

  • ගමේ සජබ පාක්ෂිකයෝ රනිල් වටා එකතු වෙනවා
  • තලතාගේ කතාවෙන් පස්සේ අලුත් තීන්දු රැසක්
  • වැඩ බැරි දාස, පොහොට්ටුව විනාශ කළ අය එක්ක එකතුවෙලා සජබ නටවනවා
  • ආණ්ඩුව වැඩ පෙන්නලා තියෙද්දි ට්‍රයි කරන්න කවුරුත් නියඟලා අල කන්නේ නෑ – කම්කරු හා විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර මහතා පවසයි.

අද (22) කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේශ් එම ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට සහභාගි වෙමින් ම්කරු හා විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර මහතා පැවසූවේ, ඇතැමුන් ජනාධිපතිවරණය කල් තියා දිනා සිටියද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජයග්‍රහණය කරන්නේ සැප්තැම්බර් 21 වැනිදා බවත්, උත්සාහ කර බැලීමට කියා කිසිවෙකු නියඟලා අල නොකන බවත්ය.

තලතා අතුකෝරල මහත්මියගේ පාර්ලිමේන්තුවේ කතාව ගමේ සමගි ජන බලවේගය පාක්ෂිකයින්ගේ හදවත් අවදි කර ඔවුන් එ.ජා.ප නායකයා වටා ගොනු කිරීමට සමත් වනු ඇති බව හිටපු අමාත්‍යවරයා එහිදී පැවසීය.

“ගමේ සමගි ජන බලවේගය පාක්ෂිකයෝ කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෝ. ඒ පාක්ෂිකයෝ තමන්ගේ නායකයා ක්‍රමානුකූලව රට ගොඩනගන වෙලාවක ඒ සමග එකතුවෙන්න සූදානම්. මේ වැඩ බැරි දාස පොදුජන පෙරමුණත් විනාශ කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයවත් විනාශ කරපු නාලක ගොඩහේවලා, චරිත හේරත්, ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස්ලාට ඕන විදියට සමගි ජන බලවේගය නටවනකොට එක්සත් ජාතික පාක්ෂිකයෝ ක්‍රමානුකූලව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙත එකතුවෙමින් ඉන්නවා.

සමගි ජන බලවේගයට ගිහිල්ලා හිටපු පාක්ෂිකයින්ගේ හදවතට එතුමිය කතා කළා. මං හිතන්නේ ඒ ආමන්ත්‍රණයට හදවතට දැනිලා එක්සත් ජාතික පාක්ෂිකයෝ බොහෝ අය තීන්දු තීරණ ගනියි.” යැයි හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය .

“මාත් සමග රාජ්‍ය ඇමතිතුමන්ලා දෙන්නෙක් ඉන්නවා. විදේශ රැකියා සහ කම්කරු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දෙදෙනෙකු ඉන්නවා. මෙතන අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු නිලධාරී මණ්ඩලය ඒ විදිහටම ඉන්නවා. ජනාධිපතිවරයා – අමාත්‍යවරයා විදිහට අවශ්‍ය උපදෙස් දෙමින් ඒ විදිහටම මගපෙන්වීම කරනවා. ඒ නිසා මෙතෙක් සලසුම් කරගෙන ගිය වැඩ ඉස්සරහට කරගෙන යන්න කිසිම ගැටලුවක් නෑ . කම්කරු රාජ්‍ය ඇමතිතුමා විදිහට වඩිවේල් සුරේශ් මැතිතුමා කම්කරු ක්ෂේත්‍රය පිළිබඳව, අවිධිමත් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳව කාරණා, වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳ කාරණා, සියල්ලම ඒ විදිහටම ඉස්සරහට කරගෙන යනවා.

තලතා අතුකෝරල මැතිණිය පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ කතාව ඇහුව නම් දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුට තේරුම්ගන්න පුළුවන් කතා එහි අන්තර්ගත වෙලා තියෙනවා. ඒ සමගි ජන බලවේගය ගැන නොතේරෙන ළදරුවො ‘සජබෙ’ කියමින් හිටියට ඒ අයටත් තේරුම්ගන්න පුළුවන් ගොඩක් දේවල් එතුමිය ප්‍රකාශ කළා. ඇය ප්‍රකාශ කළ අත්දැකීම් රහිතකම, ජනාධිපති වෙන්න තියෙන කලබලය, වගකීම භාරගන්න කිව්වම ඒක බාරගන්න බැරුව පැනලා ගිය හැටි සියල්ල අපි එළියට බැහැලා ඔය විදිහටම කිව්වා. තලතා මැතිණිය එතන ඉඳගෙනම පාර්ලිමේන්තුවේදී ඒ ප්‍රකාශය ඉතා ගෞරවනීය විදිහට කළා. එතුමියගේ කතාව සියලු දෙනාම ඇසිය යුතුම කතාවක්. එතුමියගේ කතාව ඇහුවාම සමගි ජන බලවේගයද, සජිත් ජලනි බලවේගෙද කියලා හිතාගන්න පුළුවන්.

පක්ෂය ඇතුළේ එදත් ගැටුම් තිබුණා. ඉතා බරපතල ගැටුම් හැමදාමත් තිබුණා. ලක්ෂ්මන් ෆොන්සේකා ඔහුට ඕන විදියට වැඩ කරනවා. ජලනි ජලනිට ඕන දේ කරනවා. සජිත් ආයේ ගෙදර ගිහිල්ලා තීන්දු තීරණ වෙනස් කරනවා. ඒක තමයි ඇතුළේ තත්ත්වය. එහෙම නැතුව නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ. හැමෝටම හා කියනවා. එක පැත්තකින් ටීවී නාලිකාවකට හා කියනවා. අනිත් පැත්තෙන් හිරුණිකාටත් හා කියනවා. අනිත් පැත්තෙන් පාඨලීටත් බදියුදීන්ටත් හා කියනවා. උතුරට ගිහිල්ලා දහතුන දෙනවා කියනවා, 13 ට වඩා දේවල් දෙනවා කියනවා. දකුණට ඇවිල්ලා කියනවා එහෙම කරන්නේ නැහැ කියනවා. එහෙම ග්‍රාම්‍ය සහ බොහෝම පහත් විදිහට දේශපාලනය කරලා හැමෝම බැලන්ස් කරනවා. ඒක කිසිම වෙලාවක රටට ගැලපෙන එකක් නෙවෙයි.

හැමෝම එක එක විදියට බැලන්ස් කරනවා . හැමෝගෙම පපුවට අත තියලා කතා කරනවා. හැමෝටම අඬලා කියනවා යන්න එපා කියලා. ප්‍රතිපත්තිමය විදියට නෙමෙයි ඒ සමබර කිරීම කරන්නේ . දේශපාලන බලය ලබා ගැනීමට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කෙනෙක් විදියට තමයි සජිත්ව අපි හඳුනගත්තේ. අපිට අවශ්‍ය වෙන්නේ දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන් ඕනම දෙයක් කරන අය නෙමෙයි. රටේ ඉදිරි ගමන වෙනුවෙන් රට ඉස්සරහට ගෙනියන්න ඕන දෙයක් කරන නායකයෙක් අපිට ඕන. ඔහුට රටේ අවදානම ගන්න බැරි එක අපි අවබෝධ කරගත්තා. වැඩක් කරන්න බැරිකම අපි අවබෝධ කරගත්තා. ඒ නිසයි අපි කලින්ම මේක කළේ. වඩිවේල් සුරේශ් මැතිතුමාත් ඒ කාලෙ ඒ තීන්දුවේ හිටියා. අපේ අමාත්‍යාංශයට සහයෝගය දුන්නා. විශේෂයෙන්ම වතුකම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන්. වතුකරයට අදාළ කරුණු කාරණාවලදී වැදගත් සහයෝගයක් ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙක් විදිහට හැමදාමත් මෙතුමා අපිට සහාය ලබා දුන්නා.

ඡන්දෙ තියෙන්නේ 21 වැනිදා මේ වෙනකොට සමහර අය දිනලා. අපි දිනන්නේ 21 වැනිදට. ඒ දිනනකොට සමගි ජන බලවේගයේ බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපිත් එක්ක එකතු වෙයි. සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් ඡන්දෙ ඉල්ලන්නවත් හිතෙයිද කියලා අපි දන්නේ නෑ. ඒ වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විතරක් නෙමෙයි පාක්ෂිකයොත් අයින් වෙයි .

පත්වීම් ගැන මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ව්‍යවස්ථාව කියවලා තේරුම් ගන්න ඕන. ජනාධිපති උපදේශකවරයෙක් විදියට මාව පත් කරල තියෙන්නේ ගරු තනතුරක් විදියට. අපි වැටුප් ලබා ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ නැහැ. ඒ ගරු තනතුර පත්කිරීමට කිසිදු බාධාවක් නැහැ.ගාල්ලේ ජනතාව මනුෂත් එක්ක තමයි. ඒකෙ කිසි ගැටලුවක් නැහැ. ඒ ජනතාව දන්නවා, ඒ ජනතාවට ඕන කරන්නේ දේශපාලනය කරන එක නෙමෙයි. මිනිස්සුන්ට රටට වැඩ කරන එක. ගාල්ලේ මිනිස්සු අපිව පත් කරලා තියෙන්නේ සජිත්ව රකින්න නෙමෙයි, රට වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න. හැමදාම 2004 ඉඳලම පාර්ලිමේන්තුවට, පළාත් සභාවට මාව පත් කරලා යව්වේ ඒ වෙනුවෙන්. ගාල්ලේ ජනතාව අපිත් එක්ක ඉන්නවා අමාරු වෙලාවේ. ඒ අයගේ ඡන්දවලට ගෞරවයක් ලබා දෙන්නට මට පුළුවන්කම ලැබුණා.

ස.ජ.බෙ අයට කලකිරීම ඇති වෙලා ඒ අයට එතන ඉන්න බැරි වෙනකොට අසතුටින් ඉන්නකොට ඒ අය අපිත් එක්ක එකතු වෙනවා. එතැනදී හරීන්, මනුෂ විතරක් නෙමෙයි තව බොහෝ අය සාකච්ඡා කරනවා. අපි හැමෝම බොහොම පරණ යාලුවෝනේ. අපි වැඩ අවුරුදු දෙකක් කරලා පෙන්නුවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අවුරුදු කීයද කළේ. 2020 ඉඳලා 2022 වෙනකොට ඒකෙ අසාර්ථකත්වය පෙනුනා. ඒක කරන්න ඕන විදියට කරන්න දුන්නේ නෑ. ඒ උපදේශකයෝ ටික අන්න දැන් ඉන්නවා සමගි ජන බලවේගයේ. දැන් මේ ඉන්න පිරිසත් එක්ක අපි අවුරුදු දෙකක් හිටියා. ජගත් පුෂ්පකුමාර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයත් මෙතන ඉන්නවා. අපි රට වැටිච්ච තැනින් උස්සලා පෙන්නලා තියෙන්නේ. ආයෙ ටෙස්ට් කරලා බලන්න, දීලා බලන්න දෙයක් නැහැ. කවුරුත් ආයෙ ට්‍රයි කරන්න කියලා නියඟලා අල කන්නේ නැහැ. කරන්න ඕන දේ අපි කරලා තියෙනවා. ඒ නිසා මේක ඉස්සරහට යන්න ඕනේ. අවුරුදු පහක් ඇතුළත මේ රට ගොඩට ගන්න ඕන. 2048 දී බලාපොරොත්තු වෙච්ච සංවර්ධන ඉලක්කයට ගියාම නැවත වරදින්න්නේ නෑ.

තලතා මැතිණියගේ තීන්දුව එතුමිය ස්වාධීනව ගත්තු තීන්දුවක්. එතුමියට තිබුණා හිතේ ප්‍රශ්නයක්. ඒක හැමදාමත් හිතේ කැකෑරෙන ප්‍රශ්නයක්. එතුමියට විතරක් නෙමෙයි තවත් ඇතුලේ කීපදෙනෙක් ඉන්නවා ඒ වගේ. බහුතරයක් ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. ඒ අය තමන්ගේ ජීවිත කාලයම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ කරපු අය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වෙනුවෙන් ඉස්සරහට ගිය අය ඒ අය. ඒ අතරවාරයේ ආපු රැල්ලක් නිසා වැඩ බැරි දාස කෙනෙක්ගේ අවශ්‍යතාව වෙනුවෙන් අපි හැමෝම එක්සත් ජාතික පක්ෂය කඩාගෙන එළියට ගියා. ඒ වැරැද්ද නිවැරදි කරන්න ඕන කියලා එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ට බොහොම අවශ්‍යතාවයක් තියෙනවා. තළතා අතුකෝරල මැතිනිය බොහොම පැහැදිලිව ‘මම කවද හරි දේශපාලනය අවසන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලයි’ කියලා කිව්වා.

එහෙම කියපු තවත් ගොඩක් අය ඉන්නවා. ඒ අයත් ඇවිල්ලා ඒක කරයි කියලා මම විශ්වාස කරනවා. මොකද මැරෙන්න ඕනේ යූ.එන්.පී කාරයෙක් විදිහටයි කියලා කී මන්ත්‍රීවරුන් ගොඩක් අද බොහොම කලකිරීමෙන් සමගි ජන බලවේගය ඇතුලේ ඉන්නවා. ඒ අයත් හෙට අනිද්දා වෙනකොට මේක තේරුම් ගනියි. අපි රටේ අපේක්ෂාව වෙනුවෙන් ස්වාධීනව තරග කරන්නේ. රට ගොඩනගන්න පුළුවන් කියන කණ්ඩායම එකතු වෙන වෙලාවක් මේක. පක්ෂ විදියට බෙදන වෙලාවක් නෙවෙයි. රට හදන්න පුළුවන් කියන මිනිස්සු එකට එකතු වෙන වෙලාවක්. ඒ මිනිස්සු එකතු වෙන තැන තමයි ගෑස් සිලින්ඩරය ලකුණෙන් අපි හදලා තියෙන්නේ.

තලතා මැතිණියගේ කතාවෙන් ඡන්ද කොච්චර ප්‍රමාණයක් කැඩෙනවද කියලා දන්නේ නෑ.
මම ගිය සතියේ කිව්වා ආණ්ඩුවට පස් දෙනෙක් එනවා කියලා. ඊටත් වඩා වැඩි සංඛ්‍යාවකට යන්න පුළුවන් කියලා මම හිතනවා. අපි බලාපොරොත්තු වුණාට වැඩියෙන් මන්ත්‍රීවරුත් තීන්දු වේගෙන් තීන්දු තීරණ අරගෙන තියෙනවා. ඒ වගේම ජනතාවත් ඉතාමත් වේගෙන් තීන්දු තීරණ ගන්න අරන් තියෙනවා. මේ මැතිවරණය පටන් ගන්නකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටියේ බොහොම පල්ලෙහා මට්ටමක. එතුමා ඡන්දේ ඉල්ලනවද කියලවත් කියලා හිටියේ නැහැ. ඒ කාලයේ ජනතා විමුක්ති පෙරමුණ රට වටේ ගිහින් රැස්වීම් තිබ්බා. ස.ජ.බෙ අවුරුදු එකහමාරත් තිස්සේ රැස්වීම් කළා. දැන් ඒ රැළි බහින්න පටන් අරන් තියෙනවා. රනිල් වික්‍රමසිංහ වේගයෙන් ඉහළට යන්න පටන් අරන් තියෙනවා. ජනතාවත් වේගෙන් රනිල් වික්‍රමසිංහ මහතා වටා එකතු වෙන්න පටන් අරන් තියෙනවා.”
යැයි හෙතෙම පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan