වනජීවී හා වනසම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (08) දිවුරුම් දුන් ඩී. වී. චානක මහතා එම අමාත්‍ය ධුරය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී පැයක් පමණ කාලයක් තුළ ඒ මහතා මේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති බව සඳහන්.
ඩී. වී. චානක මහතා විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සිටියත් එය නොලැබීම මත ඔහු මෙසේ වනජිවී හා වනසම්පත් රාජ්‍ය අමාත්‍ය ධුරය ප්‍රතික්ෂේප කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ හෝ වඩාත් කැපී පෙනෙන, වැඩි බලතල හා ප්‍රතිපාදන සහිත රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.
RN