ලසන්ත ඝාතනයට ශ්‍රී ලංකා ආණ්ඩුව වගකිව යුතුයි – නිළ නොවන ජාත්‍යන්තර අධිකරණයක් තීන්දු කරයි

Date:

මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන සමූහයක මැදිහත්වීමෙන් නිළ නොවන විනිශ්චය සභාවක් හමුවේ පැවති නඩු විභාගයකදී, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සෘජුවම වගකිව යුතු බවට තීන්දු කර තිබෙනවා.

වසරකට ආසන්න කාලයක් තිස්සේ පැවති නඩු විභාගයකින් පසුවයි මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙන්නේ.

වික්‍රමතුංග මහතාට අමතරව මෙක්සිකෝවේ මිගෙල් ඒන්ජල් ලෝපේස්, සිරියාවේ නබිල් අල් ෂර්බාජි යන මාධ්‍යවේදීන් දෙදෙනාගේ ඝාතනවලටද අදාලවයි මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙන්නේ.

ෆ්‍රී ප්‍රෙස් අන්ලිමිටඩ්, දේශසීමා නොමැති මාධ්‍යවේදීන්, වාර්තාකරුවන් ආරක්ෂා කිරීමේ කමිටුව ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන ගණනාවක් මෙම නීතිමය ක්‍රියාවලිය සඳහා මැදිහත්ව තිබේ.

මෙක්සිකෝව, ශ්‍රී ලංකාව, සිරියාව යන රටවල පාලකයන් මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට අසමත් වීම නිසා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් ලෙසද ප්‍රකාශයට පත්කර තිබේ.

සාමාජිකයන් 09 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය සභාවක් හමුවේ මෙම නඩුව විභාගයට ගෙන ඇති අතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, බුවනොස් අයරෙස් විශ්වවිද්‍යාලයේ නීති විද්‍යාලයේ මහාචාර්ය ඒඩුවාඩෝ බර්ටෝනි පවසා තිබෙන්නේ, ලැබී ඇති අතිවිශාල සහ බලගතු සාක්ෂි අනුව මෙක්සිකෝව, ශ්‍රී ලංකාව සහ සිරියාව යන රාජ්‍යයන් ඔවුන්ට එරෙහිව චෝදනා පත්‍රයේ ගෙන එන ලද සියලුම මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායි අගමැතිනිය ජාතියෙන් සමාව අයදියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ හිටපු අගමැති...

දේශබන්දුට එරෙහිව මහින්ද රාජපක්ෂ සාක්ෂි දෙයි !

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරයෙහි බලය අවභාවිතා කිරීම සහ...

‘පුලුවන්නම් හැප්පිලා බලමු’ ඉරානය ට්‍රම්ප්ට අභියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සම්බන්ධයෙන් අවබෝධයක්...

නෙට්බෝල් ලෝක සූරතාවලිය වසර දෙකකට වරක් – පිරිමින්ටත් ලෝක සූරතාවක්

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: වසර හතරකට වරක් පැවත්...