ජනපති රනිල් සහ කසකස්ථාන ජනපති අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කසකස්ථාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (28) බර්ලින් නුවරදී පැවැත්වී තිබේ.

“ගෝලීය ආර්ථික පරිවර්තනයන් හමුවේ කසකස්ථානයේ භූමිකාව” පිළිබඳ රාජ්‍ය නායක සැසිවාරය කසකස්ථාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev) මහතාගේ ප්‍රධානත්වයෙන් “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සමගාමීව ඊයේ පැවැත්වුණු අතර ඒ සඳහා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලලිත්-කුගන් නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය අධිකරණය හමුවේ පෙනී සිටියි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW: 2011 වසරේදී යාපනයේදී දේශපාලන...

කොළඹ නගරයේ වාහන තදබදයට පිළියම් සොයමින් නව මෙට්‍රෝ බස් 112ක් ධාවනයට එක්වෙයි!

කොළඹ LNW:කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත්...

ඥානසාර හිමිගේ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නීතිපතිගෙන් මෝසමක්!

කොළඹ LNW:ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ...

නඩු දෙකටම නාමල් යළි රිමාන්ඩ්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින්...