රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප් වියදම බිලියන 93 යි ! වැටුප් කප්පාදුවක් වෙයිද ?

Date:

මෙරට රාජ්‍ය සේවයේ ලක්ෂ 15 ක් සඳහා වැටුප් ගෙවීමට පමණක් මසකට රුපියල් බිලියන 93 ඉක්මවන මුදලක් අවශ්‍ය වේ. පසුගිය කාලයේදී සීමාවකින් තොරව මුදල් අච්චු ගසා වැටුප් ගෙවූ නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එළඹ ඇති එකඟතා අනුව මුදල් අච්චු ගැනීම දැඩිලෙස සීමා කර තිබෙනවා.

මෙම තත්වය මත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමද දැවැන්ත අර්බුදයක් බවට පත්ව තිබේ.

රජය දිනෙන් දිනම නව බදු හඳුන්වා දෙමින් රාජ්‍ය බදු ආදායම ඉහළ නංවා ගැනීමට උත්සාහ දරමින් සිටින අතර එය අර්බුදයට විසඳුමක් ලෙස කෙතරම් කාලයක් ක්‍රියාත්මක කළ හැකිද යන්න ගැටලුවකි.

අනෙක් පැත්තෙන් බදුබර පැටවීම හරහා යළිත් අපහසුතාවයට පත්වන්නේද රාජ්‍ය සේවකයන්ද ඇතුළත් රටේ සාමාන්‍ය ජනතාවයි.

රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම අත්හිටුවා ඇති අතර විශ්‍රාම වයස 60 ට සීමා කිරීම හරහා මෙම වසර අවසන් වනවිට මෙරට රාජ්‍ය සේවය 25,000 කින් අවම වනු ඇත.

කෙසේ නමුත් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා වෛද්‍ය, ඉංජිනේරු වැනි ක්ෂේත්‍ර සඳහා පුරප්පාඩු වන පරිදි බඳවා ගැනීම් සිදු කිරීමට රජය මේ වනවිටත් තීරණය කර තිබේ.

රජයට ඉතිරි වන එකම විකල්පය වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමයි. වැටුප් කප්පාදුවක් සිදුවීමට නියමිත බවට මේ වනවිටත් සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ලබන මාසයේ සිටම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට තීරණය කර ඇති බවට සමාජ ජාලා මාධ්‍ය හරහා පුවත් පැතිර යමින් පවතී.

කෙසේ නමුත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. ජනතාව කුපිත කිරීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් මෙවැනි අසත්‍ය පුවත් සමාජගත කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...