බඩුමිල ඉහළ යාම ගැන කණගාටුයි ඒත් අපිට කරන්න දෙයක් නෑ – කෘෂිකර්ම ලේකම්

Date:

බඩුමිල ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂයෙන් එළවලු මිල ජනතාවට දරාගත නොහැකි අන්දමින් ඉහළ යාම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස දැඩි කණගාටුවට පත්වන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්, මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පවසනවා. කෙසේ නමුත් පවතින තත්වය පාලනය කිරීමට අමාත්‍යංශයට හැකියාවක් නොමැති බවයි ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

එළවලු මිල ඉහළ යනවිට මැද්දට පැන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවත්, වෙළඳපොල හැසිරෙන තත්වය අනුව බඩුමිල ඉහළ යාම සාමාන්‍ය තත්වයක් බවත් ලේකම්වරයා සඳහන් කරනවා. වත්මන් එළවලු මිල ඉහළ යාම සඳහා පසුගිය කාලයේදී බලපැවැත්වූ කාලගුණ තත්වයද හේතු වූ බව පෙන්වා දෙන උදිත් කේ. ජයසිංහ මහතා පවසන්නේ එවැනි සාධක පාලනය කිරීමට නොහැකි බවයි.

කෙසේ නමුත් එළවලු මිල ඉහළ යන්නේ යම් මාෆියාවක මැදිහත්වීම මත නම්, මිල ඉහළ යද්දි එළවලු ගොවියාට සාධාරණ මිලක් නොලැබෙන්නේ නම් එවැනි අවස්ථාවලදී අනිවාර්යෙන්ම අමාත්‍යංශය මැදිහත් වන බවද ඔහු සඳහන් කරනවා.

පවතින පොහොර ගැටලුව කඩිනමින් විසඳා ගොවීන්ට අවශ්‍ය සහනාධාර ලබාදීමට කටයුතු කරන බවත්, ඒ අනුව ඉදිරියේදී එළවලු මිල යම් ප්‍රමාණයකින් පහත වැටෙනු ඇති බවත් කෘෂිකර්ම ලේකම්වරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...