ගෑස් නෞකාවලට මුදල් ගෙව්වා – ජනාධිපති ලේකම් කාර්යාලය

Date:

කොළඹ වරාය ආසන්න මුහුදේ සතියකට වැඩි කාලයක් තිස්සේ නැංගුරම් ලා තිබූ ගෑස් නෞකා දෙකට ගෙවීම් සිදුකර අවසන් කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා. ඒ අනුව අදාල නෞකාවල ගබඩා කර ඇති ගෑස් තොග කඩිනමින් ගොඩබෑම සිදු කරනු ඇත.

අද දිනය තුළ ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කරන බවයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ.

ගෙවීම් සිදු කිරීම සඳහා අවශ්‍ය ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් අදාල නෞකා දෙක දින 11 ක් තිස්සේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබිණි.

ලිට්රෝ සමාගම ඊයේ ප්‍රකාශ කළේ තමන් සතුව තිබූ ගෑස් තොග අවසන්ව ඇති බවයි. මේ නිසා ගෑස් පිරවීමේ සහ බොදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවීමට සිදුව ඇති බව එම සමාගම ප්‍රකාශ කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳ...

ආපදාවෙන් දිවයින පුරා සම්පූර්ණ ලෙස විනාශයට පත්වූ නිවාස ගණන 4,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

නාමල් “ආදරේ” අරන් ගමින් ගමට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : දිවයිනට බලපෑ දිට්වා...