ශ්‍රීලනිපය ගෙඩිය පිටින් රනිල් ළඟට ගෙනියන සැලැස්මක් ?

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙනකොට අවුල් පිට අවුල් ජාලාවක පැටළිලා ඉන්නෙ. ඒකට මූලික හේතුව වෙලා තියෙන්නෙ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගෙ වැඩම තමයි.

තමුන්ට වැටිලා තියෙන නඩු ටිකෙන් ඔළුව බේරාගන්න බලාගෙන ඒ වෙනුවෙන් පක්ෂය මෙහෙයවපු මෛත්‍රී දැන් ඉන්නෙ පක්ෂය ඇතුළෙත් නඩු ගොඩාක් දාගෙන පක්ෂ සභාපතිකමත් තාවකාලිකව තහනම් වෙලා.

පාස්කු ප්‍රහාරය ගැන මෑතකදී කියපු කතාවත් එක්ක මෛත්‍රී සම්බන්ධයෙන් හතර වටින්ම අප්‍රසාදය පළවෙද්දී ඒ පිටින්ම පක්ෂයේ බලය අල්ලන්න නිමල් සිරිපාලලා, අමරවීරලා සෙට් එක සූදානමින් ඉන්නෙ.

ඒගොල්ලො දැනටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ඇමතිකම් දරණ, ඉදිරියටත් රනිල්ටම සහාය දිය යුතුයි කියන කට්ටිය.

ශ්‍රීලනිපයේ මන්ත්‍රී කණ්ඩායමේ 14 දෙනාගෙන් 11 දෙනෙක්ම විවිධ අවස්ථාවට ආණ්ඩුවට පැන්නා. නමුත් පක්ෂයේ ආසන සංවිධායකයින් හිටියේ ආණ්ඩුවට නොයා යුතුයි කියන මතයක.

දැන් කොහොමින් හරි මේ ඇවිළිලා තියෙන ප්‍රශ්න අස්සේ සිද්ධ වෙන්න යන්නේ ශ්‍රීලනිපය ගෙඩිය පිටින්ම අරන් ගිහින් රනිල්ගේ දෙපා මුල තියන ප්ලෑන් දෙකක්ම ක්‍රියාත්මක වෙන එකලු.

එකක් ඒ පක්ෂයේම ඇමති සයිස් කට්ටියගෙ ප්ලෑන් එක. අනිත් එක අර පොහොට්ටුවෙන් ස්වාධීන වෙලා ඉන්න මීගමු පැත්තෙ හාදයාගෙ කණ්ඩායමේ ප්ලෑන් එක.

චන්ද්‍රිකා සාධකය මෙතනදීත් තීරණාත්මක වෙයි කියලා තමයි කියන්නෙ. බලාගෙන ඉන්නයි තියෙන්නෙ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...