*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවසට වැදගත් තරගාවලි දෙකක්

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 04, (LNW) කොළඹ : ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ලෝකයේ සියලුම කණ්ඩායම්වල සැළකිල්ලට ගෞරවයට පාත්‍ර වන කණ්ඩායමක් වී ඇත.දීර්ඝ කාලීන වැඩ සටහන්වල ප්‍රතිපලයක් හැටියට එම තත්ත්වය තව දුරටත් පවත්වා ගෙන යා හැකි මට්ටමට ශ්‍රී ලංකා ක්‍රිකට් හී විශේෂ අවධානය සහ අනුග්‍රහය ඇතුව සිඳුවන වැඩ සටහන්වල පලයක් හැටියටත්,එම වැඩ සටහන් මෙහෙයවීම පැවරුණු අප්සාරී සිංහබාහු වැන්නියන්ගේ කැපවීම මතත්,ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අභියෝග වඩා තරගකාරී මට්ටමකින්,රටේ සිව් දෙසින් නැඟෙමින් පවතින්නේය.

මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට ජාතික කණ්ඩායම තරමටම අවධානයකින් කාන්තා අවුරුදු 19 න් පහළ සහ කාන්තා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කෙරෙහිද අවධානය යොමු කරමින් සිටින්නේය.ලෝක කුසලාන තරගාවලිය අවසානයේ තරගකාරී මට්ටමේ දී ජාතික කණ්ඩායමට ගැලපීම සහතික කර ගැනීමේ අපේක්ෂාවෙන් සිඳුවන මෙවැනි තරගාවලි දෙකකට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවන පෙළට මඟ සැකසී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම බංගලාදේශ කාන්තා ඒ කණ්ඩායම සමඟ තරගාවලියකට ශ්‍රී ලංකාවේ දී සහභාගි වීමට නියමිතය.බොහෝ විට මේ වන විට ප්‍රවීනත්වය යටපත් කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණ තිබෙන තරුණ ක්‍රීඩිකාවන්ට අභියෝග වන මට්ටමට ප්‍රවීනයන්ට සිය ස්ථාන වෙනුවෙන් සටන් කරන්නට මේ තරගාවලියේ දී ඉඩ ලැබෙනු ඇත.

මේ තරගාවලියට එක්දින තරග දෙකක් සහ විස්සයි විස්ස තරග 5 ක් ඇතුළත් වන අතර එක්දින තරග දෙක පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට නියමිතය.විස්සයි විස්ස තරග දෙකක් කොළඹ සරවනමුත්තු ක්‍රිඩාංගණයේ දී පැවත්වෙන අතර එක් තරගය බැඟින් පැවත්වීමේ වගකීම කොළඹ එස්එස්සී,කොළඹ කෝල්ට්ස් සහ කොළඹ තර්ස්ටන් පිටි වෙත පැවරී ඇත.පළමු එක්දින තරගය සැප්තැම්බර් 8 දා පැවත්වෙන අතර බංගලාදේශ ඒ කණ්ඩායමේ සංචාරය නිමා කරමින් අවසාන තරගය පැවත්වෙන්නේ සැප්තැම්බර් 19 වන දා ය.

ශ්‍රී ලංකාවේ තරගකාරීම යෞවනය නියෝජනය කරමින් අවුරුදු 19 න් පහළ ඔස්ට්‍රේලියානු සංචාරයේ දී එම ක්‍රීඩාකාවන් ඔස්ට්‍රේලියාවේ පමණක් නොව නවසීලන්තයේ ද අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවනට එරෙහිව තරග වඳින්නට නියමිතය.මේ තරගාවලිය සැප්තැම්බර් 20 වන දා ආරම්භ වන අතර සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට සහභාගි වන්නේ ඔක්තෝම්බර් 1 වන දා ය.

මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලබා සිටින ශෂිනි ගිම්හානි මේ ආකාරයට අවුරුදු 19 පහළ ක්‍රිකට් හරහා ශ්‍රී ලංකා කණ්ඩායමට දායාද කළ ක්‍රීඩිකාවක්ය.එසේම ආරම්භක පිතිකාරිණි විශ්මි ගුණරත්න ද අවුරදු 19 න් පහළ ක්‍රිකට් කන්ඩායමේ නායකත්වය දරමින් ශ්‍රී ලංකාව නියෝජනයට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවක්ය.ඇය ද පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කරන විට වයස අවුරුදු 16 කි.

පහත දැක්වෙන්නේ එම තුන් කොන් තරගාවලියේ තරග කාල සටහනය.

සැප්. 20 දා ශ්‍රී ලංකා – නවසීලන්තය ඇලාන් පෙටිග්රිව් ඕවල් පිටියේදී
සැප්. 22දා ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ඉයන් හීලි ඕවල් පිටියේදී
සැප්. 25දා ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා බිල් පිපෙන් ඕවල් පිටියේදී
සැප්. 26දා ශ්‍රී ලංකා – නවසීලන්තය බිල් පිපෙන් ඕවල් පිටියේදී
ඕවර් 50 එක්දින තරගාවලියේ තරග කාලසටහන මෙසේය:
සැප්. 30දා ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ඇලාන් පෙටිග්රිව් ඕවල් පිටියේදී
ඔක්. 1දා ශ්‍රී ලංකා – නවසීලන්තය ඇලාන් පෙටිග්රිව් ඕවල් පිටියේදී

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan