අනුරත් ජනතාව රැවැට්ටුවා – සජිත්

Date:

කොළඹ LNW:අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත් වු පසු පොරොන්දු වු සහන අපේක්ෂා කළත් ඒවා ඉටු නොවු බවත් විදුලි බිල 66%කින් අඩු කිරීම බඩු මිල අඩු කිරීම සිදු කරන බව කිව්වත් එයද සිදු නොවු බවත් පාස්පෝට් පෝලිමට විසදුම් දෙනවා කිව්වත් එයද ඉටු නොවු බවත් සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ඔවුන් කර ඇත්තේ ජනතාව රැවටීම බවයි ප්‍රේමදස මහතා සඳහන් කළේ.

ජනාධිපතිවරයා කියු ආකාරයට විදුලි බිල 66% අඩු කර බඩු මිල අඩු කර බදු අඩු කරන ලෙස අභියෝග කරන බව ඔහු ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ මැද කොළඹ දී පැවැති ජන හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා කියාසිටියේ පීඩනයෙන්, අසහනයෙන් සිටින බහුතර ජනතාවට දෙනවා කියු සහන නොදුන් අතර ගැටලුවලට විසදුම් දීමට නොහැකිව රජයත් ජනතාවත් අසරණ වී ඇති බවයි.

එසෙම මැතිවරණ වේදිකාවේ කියු කිසිම බදු අඩු කිරීමක් නොවූයේ එම බදු අඩු කිරීමට IMF එකගතාව නොලැබුණු නිසා බවද සමඟි ජන බලවේගයේ නායකයා කියාසිටියේය. IMF සමාලෝචනය පවා කල් දමා ඇති බවයි ප්‍රේමදාස මපැවසුවේ.

වත්මන් ආණ්ඩුව IMF එකේ පදේට නටන්නෑ කිව්වද IMF මේ වන විට ඔවුන් පදේට නටන රුකඩයක් වුවත් සමගි ජන බලවේග රජයක IMF සමග සාකච්ඡා කර බදු බර, බඩු මිල හා විදුලි බිල අඩු කරන බවත් නව IMF ගිවිසුමකට යන බවත් එම නිසා කයිවාරුකාරයින්ට නොරැවටෙන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...

2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසු බිට්කොයින් (Bitcoin)වලට සිදු වූ දේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන්...

මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව...

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ‘ත්‍රස්තවාදී’ චෝදනා!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ...