ඇමති,නියෝජ්‍ය ඇමති කාර්ය මණ්ඩලයත් සීමා වෙයි.සමීප ඥාතීන්ටත් අවස්ථාවක් නෑ!

Date:

කොළඹ LNW: අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛය අනුව අමාත්‍යවරු සඳහා සහාය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ උපරිමයකට යටත් වන අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා වන කාර්ය මණ්ඩලය 11කට සීමා කර ඇත.

සෑම අමාත්‍යවරයකුටම ස්වේච්ඡා උපදේශකවරයෙක් හෝ කණ්ඩායමක් පත් කර ගැනීමට හැකියාව ඇති අතර එම උපදේශකවරුන් විෂය පථය සම්බන්ධයෙන් ප්‍රාමාණික උගතුන්, පර්යේෂකයන්, වෘත්තියවේදීන්, පුරවැසි සංවිධාන නියෝජිතයින් හෝ මහජන නියෝජිතයන් විය යුතු බව අදාළ චක්‍රලේඛයේ දක්වා තිබේ. මේ අතර අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩලය ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හෝ සමීප ඥාතීන් නොවිය යුතු බවද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයෙහි දැක්වෙයි.

එමෙන්ම එම පත් කිරීම් ගැන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ යුතු බවත් අමාත්‍යවරුන්ගේ පූර්ණ කාලීන උපදේශකවරුන් සංඛ්‍යාව දෙදෙනකු නොඉක්මවිය යුතු බවත් ඔවුන්ගේ වැටුප් ,දීමනා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව විය යුතු බවත් එහි තවදුරටත් දක්වා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අමෙරිකාව ගත් තවත් බරපතල තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය...