එක්සත් ජනපද ප්‍රහාර හේතුවෙන් යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයක 68 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින් යේමනයේ සාඩා නගරයේ අප්‍රිකානු සංක්‍රමණිකයින් රඳවා සිටින රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 68 දෙනෙකු මිය ගොස් 47 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් හවුති සටන්කාමින් ප්‍රකාශ කර තිබුණේ, මෙම නවාතැන ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයේ සහ රතු කුරුස සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින බවත්, එය ඉලක්ක කර ගැනීම යුධ අපරාධයක් වන බවත්ය.

ඊශ්‍රායල් – ගාසා යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව පලස්තීනයේ හමාස් සංවිධානයට සහය පළකරමින් යේමනයේ හවුති සටන්කරුවන් විසින් රතු මුහුදේ සහ ඒඩන් බොක්කෙහි යාත්‍රාවලට එල්ල කරන තර්ජනය අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය පසුගිය මාර්තු 15 වන දින සිට “රෆ් රයිඩර්” ලෙස නම් කරන ලද මෙහෙයුමක් හරහා ප්‍රහාර මාලාවක් දියත් කළ අතර හඳුනාගත් ඉලක්ක 870ක් වෙනුවන් ප්‍රහාර දියත් කර තිබේ.

මිට සාපේක්ෂව හවුති සටන්කාමින් විසින් පෙන්ටගනයට ඩොලර් මිලියන 200 කට වඩා වැඩි වියදමක් දැරූ ඇමරිකානු රීපර් ඩ්‍රෝන යානා හතක් බිම හෙළූ බවයි. එය මෙතෙක් සිදු වූ වඩාත්ම සැලකිය යුතු ද්‍රව්‍යමය අලාභය සනිටුහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...