ඉන්ධන අඛණ්ඩව දෙනවා, හැබැයි ඉල්ලුමෙන් 50% යි – අගමැති රනිල් කාලසීමාවත් කියයි (VIDEO)

Date:

ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීමට රජය තීරණය කර ඇති නමුත් එසේ අඛණ්ඩව සැපයිය හැකි වන්නේ පවතින ඉල්ලුමෙන් 50%ක් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“අද අපි ඉන්ධන අඛණ්ඩව ලබාදෙන්න තීරණය කළා. අඛණ්ඩව ලබාදෙන්න පුළුවන් දැන් තියෙන ඉල්ලුමෙන් 50%ක් ලබාදෙනවා නම් පමණයි. ඒකෙත් ප්‍රමුඛතාවය දෙනවා විදුලිබල නිෂ්පාදනයට, ප්‍රවාහනයට, තවත් අත්‍යාවශ්‍ය සේවා ගණනාවකට. මේ අනුව දැන් තියෙන තොග ප්‍රමාණය දවස් 7කට අපට යොදවා ගන්න පුළුවන්. මේ මාසේ 16 වෙනිදා ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000ක් ගෙනෙන නැවක් ලංකාවට පැමිණෙනවා. මේ අනුව දැනට මාසෙ අන්තිම වෙනකල් නිශ්චිතව නැව් ලබාගෙන තියෙනවා. ඊළඟ මාසයටත් අපි දැන් නැව් දෙකක් ලබාගන්න ක්‍රියා කරගෙන යනවා. ඊටපස්සේ ඉන්දියානු අලුත් ගිවිසුම අත්සන් කළාම ක්‍රෙඩිට් ලයින් එක, අපට මාස හතරකට ඇත්ත වශයෙන්ම ඉන්ධන තිබෙනවා. ඒත් මේ සියල්ලම අපි දෙන්නේ 50%ක පදනම අරගෙන තමයි”

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) දිනයේදී විශෙෂ ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...