ලෝක වාර්තා බිඳ දමමින් චීනයේ Urumqi-Yuli අධිවේගී මාර්ගය ජනතා අයිතියට!

Date:

කොළඹ LNW:වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ G0711 වන Urumqi-Yuli අධිවේගී මාර්ගය අද(26) විවෘත කෙරුණා. එම අධිවේගී මාර්ගය කිලෝමීටර් 324.7 ක දුරකින් යුක්ත වන අතර එය ද්වි-මාර්ග මංතීරු හතරේ අධිවේගී මාර්ග ප්‍රමිතියට අනුව ඉදි කර තිබීම විශේෂත්වයක්.

Urumqi-Yuli අධිවේගී මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ ගුවන් පාලම් 12ක්, උමග 17ක් සහ පාලම් හා බෝක්කු සිය ගණනක් පිහිටා තිබෙනවා. ඒ අතර එහි ඇති, ‘Tianshan-Shengli’ උමග ව්‍යාපෘතිය ලොව දිගම අධිවේගී මාර්ග උමග සහ ලොව ගැඹුරුම අධිවේගී මාර්ග පතුල යන ලෝක වාර්තා දෙකක් පිහිටුවා තිබෙනවා.

එම අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු Urumqi සිට Korla දක්වා ධාවන කාලය පැය 7 සිට පැය 3.5 දක්වා අඩු වන බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...