කැරැල්ලක් මැඬපවත්වන්න පුළුවන් මර්දනයකින් විතරයි. ගෝල්ෆේස් කියන්නෙ පොඩි ප්‍රශ්නයක් – නාමල්

Date:

කැරැල්ලක් නිර්මාණය වූ විට එය මැඬපැවැත්විය හැක්කේ මර්දනයකින් පමණක් බවත් ඒ සඳහා වෙනත් ක්‍රමවේදයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට මේ රටට හිතකර සෑම කාරණයකදීම අතිගරු ජනාධිපතිතුමාට අපි සහාය ලබාදෙනවා”

ප්‍රශ්නය – මේ වනවිට අරගලකරුවන් ඉවත්වෙමින් පවතිනවා. ඒ සමගම මේ වනවිට මර්දනය ක්‍රියාත්මක වෙනවා කියනවා ?

“කැරැල්ලක් නිර්මාණය කළොත් කැරැල්ල මැඬපවත්වන්න පුළුවන් මර්දනයකින් පමණයි. එහෙම නැතුව වෙන ක්‍රමවේදයක් නැහැ නෙ”

ප්‍රශ්නය – මේ ක්‍රමවේදය හොඳයි කියලාද කියන්නෙ ?

“පළවෙනි කාරණය තමයි නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඕනෙ. ඉතින් මේ ගෝල්ෆේස් කියන්නෙ පොඩි ප්‍රශ්නයක් විතරයි”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෙරේදා (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අග්‍රාමාත්‍යවරයා සමග පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...

බංගලාදේශයෙන් ආ ආධාර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : අද දින(03) පස්වරුවේ...