අරවින්ද ගවස්කාර්ගේ ඇරයුමෙන් මඩකළපුවට

Date:

මධුසූදන් සායිගේ නායකත්වයෙන් යුත් සායි ගෝලීය පදනම් සම්මේලනය, 2016 වර්ෂයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ සාමාජික පදනම වන ශ්‍රී සත්‍ය සායි කරුණා නිලයම් පදනම 2017 වසරේ විවෘත කරන ලද එහි ශ්‍රී සත්‍ය සායි කරුණාලයම් වෛද්‍ය මධ්‍යස්ථානය, ශ්‍රී සත්‍ය සායි සංජීවනී සුපිරි තත්වයේ රෝහල ලෙස මඩකළපුව පුදේශයේ ජනතාව වෙත පැවරීමේ අවස්ථාවට ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර්ගේ ආරාධනයෙන් ඔහු නියෝජනය කරමින් සහභාගි වූයේ ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම පිතිකරුවා ලෙස බොහෝ දෙනෙක් හඳුන්වන හිටපු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකුද වන අරවින්ද සිල්වා යි.ඇඳන් 75 ක් පමණ වන මෙම සුපිරි රෝහල ඉදි වී ඇත්තේ සිවිල් යුද්ධය නිසා පීඩාවට පත් වූ යුද වැන්දඹවුන් 30000 ට පමණ රැකවරණය දුන් ස්ථානයක් කේන්ද්‍ර කරගෙනය.
අරවින්ද මෙහිදි අදහස් දක්වමින් ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක්, විරැකියාව සහ උද්ධමනය සමඟ පොරබදමින් සිටින මොහොතක මානූෂිය ආධාර දීමට ඉන්දියානු රජය ඉදිරිපත්වීම සම්බන්ධයෙන් සිය ස්තූතිය ප්‍රකාශ කළේය.එසේම ශ්‍රී ලංකාවේ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියට දැඩි පහරක් එල්ල‍ වී ඇතිබව පෙන්වා දුන් අරවින්ද, අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ, සාමාන්‍ය ප්‍රතිජීවක සහ ළමා ප්‍රතිකාරවල දරුණු හිඟයකට තුඩු දී තිබෙන මොහොතක රෝහලක් ඉදිවීම ගැන ද ස්තූතිවන්ත විය.
රෝහල ඉදිකිරීම සම්බන්ධයෙන් ගෙන ඇති උත්සාහයට සහ වැය කළ කාලය අගය කළ අරවින්ද සිල්වා තමන්ට හැකි පරිදි සෑම විටම රෝහල සම්බන්ධ කටයුතුවලට සහය වන බව ද පැවසීය.ක්‍රීඩකයෙක් ලෙස මෙන්ම පසුව ව්‍යාපාරිකයෙක් ලෙස ද වැඩ කරද්දී තමන්ය වඩා සමීප තේමාවක් වන සැමට සැම සේවය කරන්න යන සංවිධානයේ ආදර්ශ පාඨයට තමන් බෙහෙවින් කැමති බවද අරවින්ද පෙන්වා දුන්නේය.එසේම ඔහු හා සුනිල් ගවස්කාර් සම්බනධ මතකය අවදි කළ අරවින්ද තමන්ට අවුරුදු 14 සිට ගවස්කාර් ජිවිතයට වීරයෙක් වූ බව ද ඔහු තමා පරමාදර්ශයක් සේ ගත් බවද අරවින්ද පැවසීය.
ඡායාරුපයේ දැක්වෙන්නේ එම රෝහල විවෘත කිරීමේ මංගල මොහොතට පැමිණි අරවින්දව ශ්‍රී සත්‍ය සායි සංජීවනී රෝහල විසින් පිළිගත් අයුරුයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැරදි කළ අයට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වර්තමානය වනවිට රට...

NOCSL හරි පීල්ලට…

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

ලංකාව අසීරු අඩියක

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...