හිටපු ජනපති ගෝඨාභයට දිලිත්ගෙන් යළිත් දාර ලණුවක් ??

Date:

යළිත් ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලනයෙහි නිරත වන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනා කර ඇත්තේ ඒ මහතාගේ සමීපතමයකු වන, දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමනේ අසාර්ථකත්වයට බලපෑ සියලුම තත්වයන් ආපසු හරවාගෙන කළමනාකරණය කරගැනීමට හැකියැයි දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඇත්තෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාව දේශපාලනයට ගෙන ඒම සඳහා පුරෝගාමීව කටයුතු කළ අය අතර දිලිත් ජයවීර මහතා ද ඉදිරියෙන්ම සිටියේය. එමෙන්ම ඒ සඳහා වූ ප්‍රචාරක ව්‍යාපෘතියේදී අවම මාධ්‍ය සදාචාරය පමණක් නොව අවම මිනිස් සදාචාරයන් පවා පසෙකලා ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් කටයුතු කිරීමට ද ඔහු පසුබට වූයේ නැත.

එසේම ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුවත් අධිවේගයෙන් අසාර්ථකත්වය කරා ගිය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමනේ සමීප ගමන් සගයින්, උපදේශකයින් අතර ඉදිරියෙන්ම සිටියේ දිලිත් ජයවීර මහතා ය. අවසන් මොහොත වනවිට “ගෝඨාභය අපි කියපුවා ඇහුවේ නෑ” යැයි සමාජය ඉදිරියේ ගැලවිජ්ජාවට කරුණු කීව ද දිලිත් ජයවීරත් මේ ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අර්බුදයේ ඉහළම නිර්මාතෘවරයකු බව රහසක් නොවේ.

එහෙයින් ඔහු මෙවර ආපසු හැරවීමට උත්සාහ කරන්නේ මොනවා වුවත් එයින් ඔහුටවත් රටටවත් ගෝඨාභයටවත් හොඳක් නම් නොවන බව ඉතාම පැහැදිලි ය.

දැනට වාර්තා වන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 20 වනදා ආපසු මෙරටට පැමිණීමේ සූදානමෙන් පසුවෙයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයන් ඇගයේ!

උතුරු පළාතේ 2023 අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා...