අන්දමන් මුහුදේ රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 250 ක් පමණ අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජාතීන්ගේ සරණාගත සහ සංක්‍රමණික ඒජන්සිවලට අනුව, අන්දමන් මුහුදේදී රෝහින්ග්‍යා සරණාගතයින් සහ බංග්ලාදේශ ජාතිකයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් දරුවන්ද ඇතුළුව පුද්ගලයින් 250 ක් පමණ අතුරුදහන් ව ඇති බව වාර්තා වේ.

මෙම බෝට්ටුව දකුණු බංග්ලාදේශයේ ටෙක්නාෆ් සිට පිටත් වී මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති අතර අයහපත් කාලගුණය සහ තදබදය හේතුවෙන් අනතුර සිදුව ඇත.

මියන්මාරයේ වාර්ගික සුළුතරයන්ගෙන් එකක් වන ලක්ෂ සංඛ්‍යාත රොහින්ග්‍යාවරු 2017 දී මාරාන්තික මර්දනයකින් පසු දේශ සීමාව හරහා බංග්ලාදේශයට පලා යමින් සිටින අතර එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වූ මහ කොමසාරිස් (UNHCR) පවසන්නේ වසර ගණනාවක් තිස්සේ, බොහෝ රෝහින්ග්‍යා ජනතාව මියන්මාරයේ හිංසා පීඩාවලින් බේරීමට හා බංග්ලාදේශයේ ජනාකීර්ණ සරණාගත කඳවුරුවලින් පලා යාමට උත්සාහ කරමින් මැලේසියාව, ඉන්දුනීසියාව සහ තායිලන්තය ඇතුළු අසල්වැසි රටවලට ළඟා වීමට උත්සාහ කිරීම සඳහා අනාරක්ෂිත බෝට්ටු භාවිතා කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...