අද (16) අලුයම වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළීයෑමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ අද අලුයම 3:25ට පොල්ගහවෙලින් පිටත්ව දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකි.
මෙම අනතුරෙන් සුළු තුවාල ලැබූ මගීන් 12 දෙනෙකු රෝහල්ගත කර ඇත.
තුවාලකරුවන් අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පුද්ගලික රෝහල්වලට ඇතුළත් කර තිබූ බවත් එක් තුවාලකරුවෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බවත් පොලීසිය පවසයි.


