මෙරට උපදේශන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කෙරේ!

කොළඹ LNW:වර්තමානයේ ශ්‍රී ලංකාවේ උපදේශන සේවයේ විශාල ගැටළු පවතින බවත් ඇතැම් උපදේශන සේවාවන් ලබා නොගැනීම සුදුසු බවත් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (18) දින පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ මනෝවිද්‍යා උපදේශන සේවාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම සඳහා අදාළ පාර්ශවයන්ගේ අදහස් ලබාගැනීමේ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක උපදේශන අංශය මගින් මෙම සම්මන්ත්‍රණය සංවිධාන කරන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පසුගිය දශක කිහිපය තුල රටේ ජනතාවගේ සිතුම් පැතුම් සංකීර්ණත්වයට පත්වී ඇති බවත් එය කොපමණ ඛේදනියද යත් පීඩාවන් දරාගත නොහැකිව සිය දිවි හානිකර ගැනීමේ ප්‍රවනතාවය ඉහල යාම දක්වා වර්ධනය වී ඇති බවත් එය සාමාන්‍යයෙන් ලක්ෂයකට පහළොවක් පමණ අගයක් ගන්න බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, උපදේශන අංශයේ අධ්‍යෂිකා ආර්.ඩී.පී. වෙඩික්කාර මහත්මිය, විශේෂඥ මනෝවෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා, ජ්‍යේෂ්ඨ කථිකාචාරුය ඥාණදාස පෙරේරා මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අරුණශාන්ත වල්පොල මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ ළමා හා කාන්ත කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි නිලධාරීන්, මනෝවිද්‍යා උපදේශකයන්, රජ්‍ය නොවන සංවිධන නියෝජිතයන් ඇතුළු පිරිසක් එකව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...