“මම හිට්ලර් වගේ..” කියන්න ගිහිං කාන්යේ වෙස්ට් ට වැඩ වරදී!

Date:

1977 ජූනි 8 වන දින උපත ලැබූ කාන්යේ වෙස්ට් ඇමරිකානු රැප් ගායකයෙක්, ගීත රචකයෙක්, වාර්තා නිෂ්පාදකයෙක් සහ විලාසිතා නිර්මාණකරුවෙකි. හිප්-හොප් ගායනයෙන් ප්‍රසිද්ධියට පත් මොහු සුරූපී Kim Kardashian ගේ ස්වාමි පුරුෂයා ද විය. අප මේ සැරසෙන්නේ කාන්යේ වෙස්ට් ගේ තරාතිරමවත් ඔහුගේ සුඛෝපභෝගී ජීවිතය පිළිබඳවවත් කතා කිරීමට නොව ඔහුට සිඳු වූ අකරතැබ්බයක් ගැන කතා කිරීමට ය.

සමාජ මාධ්‍ය ජාලා යනු අපට අවශ්‍ය ඕනෑම පණිවිඩයක් යැවීමටත්, දැන ගැනීමටත් පහසුම මාර්ගයකි. මෙය පුද්ගලයින් විවිධාකාරයෙන් භාවිතා කරයි. සමහරුන් දැනුම සඳහා, තවත් අය ඕපාදූප සඳහා, තවත් අය සට කපටි මගඬිකම් සඳහා ද මෙම සමාජ මාධ්‍ය ජාලා යොදා ගනී. මේ කිසිවක් නොව කාන්යේ වෙස්ට්ට සිදු වී ඇත්තේ “කන්ෆියුස්ඩ් උන්ගා බුන්ගා” සීන් එකකි.

කාන්යේ වෙස්ට් විසින් නාසිවාදී ස්වස්තිකා අදහස් තම ට්විටර් ගිණුමෙහි පළ කිරීමෙන් සුළු මොහොතකට පසු ඔහුගේ ගිණුම එලොන් මස්ක් මැදිහත් වීමෙන් අත්හිටුවීමට පියවර ගෙන තිබුනේය.

දක්ෂිණාංශික කුමන්ත්‍රණ න්‍යායාචාර්ය ඇලෙක්ස් ජෝන්ස් විසින් මෙහෙයවන ලද ඉන්ෆෝවර්ස් හි සම්මුඛ සාකච්ඡාවකදී හිට්ලර් සහ නාසීන් ප්‍රශංසා කර නාසිවාදී හැඟීම් ජනිතකරවන ප්‍රකාශයක් සිඳුකර පැය කිහිපයකට පසුව මෙසේ ඔහුගේ ට්විටර් ගිණුම අත්හිටුවන ලදී.

කාන්යේ යනු තහනම් කර හෝ සීමා කර තිබූ ගිණුම් තිබූ ඉහළ පෙළේ ට්විටර් පරිශීලකයින් කිහිප දෙනෙකුගෙන් කෙනෙක් වූ අතර ඊලොන් මස්ක් හිමිකරු ලෙස පත්වීමෙන් පසු ඒවා නැවත ස්ථාපනය කළ අතර මීට පෙර ද මෙවැනි අවස්තාවක දී ට්වීට් කිරීම සඳහා මොහුගේ ගිණුම සීමාවන් පනවා තබා නොවැම්බර් 21 දින අගුලු හරින ලදී. අන්තිමේට කාන්යේට වුනේ “මං ආවා…ආයේ ගියා” වගේ සිඳුවීමකි.

“මම මගේ උපරිමය උත්සාහ කළා. එසේ තිබියදීත්, ඔහු නැවතත් ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීමට එරෙහි අපගේ නීතිය කඩ කළා. එම නිසා ඔහුගේ ගිණුම අත්හිටවූවා” යනුවෙන් මස්ක් මේ පිළිබඳ තම ගිණුමෙහි ට්වීට් කර තිබුනේ ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නන්ගේ ගිණුම් ද නැවත ස්ථාපිත කිරීම මෙන්ම, කලින් අත්හිටුවන ලද ගිණුම් සඳහා “පොදු සමාවක්” ප්‍රකාශයට පත් කිරීමද මස්ක් සිදු කල ද කාන්යේගේ අත්හිටුවීම ස්ථිරද යන්න මස්ක් පැහැදිලිව ප්‍රකාශ කර නොමැත.

කාන්යේ ට්‍රම්ප් විසින් ආරම්භ කරන ලද සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි මස්ක් සමඟ තර්ක කිරීමට උත්සහ කළ ද මස්ක් නම් ඒවා කනකටවත් නොගත්තානම් නිසැකය. “කණගාටුයි, නමුත් ඔබ බොහෝ දුර ගොස් ඇත. මෙය ආදරයක් නොවේ” ලෙස මස්ක් පිළිතුරු වශයෙන් කියා සිටියේ ය.

“මම හිට්ලර් ගැන හොඳ දේවල් දකිමි … සෑම මිනිසෙකුටම ඔවුන් මේසයට ගෙන ආ වටිනා දෙයක් ඇත, විශේෂයෙන් හිට්ලර්.” ලෙස පැවසූ කාන්යේට වෙච්ච දෙයක්!

කාන්යේ පැවසූ දෙය හොඳ දෙයක් නොවන බව එකළ සිඳු වූ සිඳුවීම් සහ හිට්ලර්ගේ ක්‍රියාකලාපය දන්නා ඕනෑම අයෙකු නොදන්නවා නොවේ. නමුත් ඒ ඔහුගේ මතයයි. එවැනි මිනිසුන් සිටීම නිසයි තර්කයට පණක් ලැබෙන්නේ!

හිතවත් මස්ක්.. කාන්යේ ගේ හැසිරීමට ඔබ දක්වපු ප්‍රතිචාරය නම් හොඳයි.. ඒත් ඔබම නේද අර එක පාරක් ජනතාව කුපිත කරවලා මිනිසුන් 04 දෙනෙකුගේ ජීවිත බිලිගන්න හේතුවුන ට්විටර් පණිවිඩවලට සදහටම ගිණුම අහිමි වුන ඩොනල්ඩ් ට්‍රම්ප් උන්නැහැටත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙන්න ඕනේ කියලා ඔහුගේ ගිණුම යථා තත්ත්වයට පත්කරනවා කිව්වේ? ඔබ ඔබගේ “භාෂණයේ නිදහස” පිළිබඳ ප්‍රතිපත්ති වෙනස්කර ගත්තා නම් ඉතාම හොඳයි.. හැබැයි මතක තියාගන්න. කාන්යේ ට ස්වස්තිකය පෙන්නුව කියලා ට්විටර් ගිණුම අහිමි වුනාට සමහර රටවල රාජ්‍ය අනුග්‍රහය ඇතුව ජන අරගල මර්දනය කරන “මම හිට්ලර් වගේ” කියලා එලිමනාපිටම කියා ගන්න රාජ්‍ය නායකයොත් ඉන්න බව.. ඉතින් මස්ක් ඒ ගොයියොයි මේ ගොයියොයි ඔක්කොම එකයි කියල හිතලා මීටපස්සේ කටයුතු කළානම් හොඳයි කියා සිතමි.

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...