*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ඉදිරි සති දෙක තුළ බීජිංහි කොවිඩ් රෝගීන් වැඩිවීමේ අවධානමක් ?

චීනයේ වසංගත රෝග විද්‍යාඥ Wu Zunyou ප්‍රකාශ කර තිබුණේ චීනයේ දැඩි ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය ඉවත් කිරීමෙන් පසු ඉතිරි සති දෙක තීරණාත්මක බවත්, ඉදිරි සති දෙක තුළ බීජිං දරුණු COVID-19 රෝගීන්ගේ වැඩිවීමකට මුහුණ දී සිටින බවත්ය.

ඒ අනුව චීනයේ ආසාදිතයන් වැඩිවීම සීමාවන් ලිහිල් කිරීම හා ශීත ඍතුව හරහා වේගවත් වනු ඇතැයි සමහර ප්‍රක්ෂේපණ ඉදිරිපත්ව තිබේ. මෙම ඉදිරි අවධානම් තත්වය පිළිබඳ රොයිටර් වාර්තා කර තිබුණේ, චීනය ලබන වසරේ මිලියනයකට වඩා මරණවලට මුහුණ දිය හැකි බවයි.

wu zunyou පවසා තිබුණේ ප්‍රමුඛතාවයක් ලෙස දැඩි සත්කාර ඒකකයේ ඇඳන් පුළුල් කළ යුතු බවත්, උණ සායන, හදිසි සහ දරුණු ප්‍රතිකාර සම්පත් සූදානම් කළ යුතු බවත්ය. ඒ අනුව ජනවාරි 22 වන දිනට යෙදෙන චීනයේ වසන්ත උත්සවය අවසන් වන තෙක් චීනයේ COVID-19 ව්‍යාප්තියේ උච්චතම අවස්ථාව පවතිනු ඇත. ඉන් අනතුරුව ක්‍රමයෙන් පෙබරවාරි අග සහ මාර්තු මුල පමණ වන විට රොගීන් වාර්තාවීම ක්‍රමයෙන් පහත වැටෙනු ඇති බව අපේක්ෂා කෙරේ.

චීනයේ වසංගතය ආරම්භ වූ දිනයේ සිට COVID-19 නිල මරණ වාර්තා වි ඇත්තේ 5,241 වශයෙනි. චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව (NHC)විසින් ඊයේ(20)දිනයේදී මේ පිළිබඳව වාර්තා කර තිබුණේ වෛරසය ආසාධනය වීමෙන් පසු ශ්වසන රෝග හේතුවෙන් සිදුවන මරණ පමණක් කොවිඩ් මරණ වශයෙන් සලකා බලන බවයි. ඒ අනුව ආසාදිත පුද්ගලයෙකුගේ මරණයට හේතු වන හෘදයාබාධයක් හෝ හෘද වාහිනී රෝගයක් කොවිඩ් මරණයක් වශයෙන් නොසැලකේ.

මේ සම්බන්ධයෙන් ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යාධි විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය බෙන්ජමින් මේසර් පැවසුවේ පශ්චාත් එන්නත් යුගයේදී, සියලු ආකාරයේ වෛද්‍ය සංකූලතා ඇති බව අප දැක ඇති බැවින්, කොවිඩ් ආසාධිතයන් මිය යා හැක්කේ නියුමෝනියාව පමණක් වන 2020 මාර්තු මානසිකත්වයේ චීනය සිටිම තවදුරටත් ප්‍රතිඵල රහිත බවයි.

මේ වන විට චීනයේ බොහෝ රෝහල් කොවිඩ් ආසාධිතයන්ගෙන් පිරී පවතින අතර බොහෝ නගර වල ඖෂධ හා රුධිරය හිගයක් පවතියි. ලෝකයේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකයින් කිහිප දෙනෙකුම පුරෝකතනය කර ඇත්තේ එකවරම කොවිඩ් සීමා ලිහිල් කිරීම හේතුවෙන් විනාශකාරී කොවිඩ් රැල්ලක් රට තුළ ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි බවයි. එසේ ක්ෂණිකව මහාපරිමාණ වශයෙන් පුපුරා ගියහොත් එය නිරීක්ෂණය කිරීමට නොහැකි වනු ඇති බව බීජිං පසුගිය සතියේ පිළිගනු ලැබීය.

සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan