ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත අනතුරක් මතුවුණු බව සියලු දෙනා අමතක නොකළ යුතුයි – වජිර

Date:

රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති මෙවන් අවස්ථාවක රටේ ප්‍රධාන අවශ්‍යතාවය මැතිවරණයක්ද යන ප්‍රශ්නය මතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා තියෙන අවස්ථාවක, රටේ ආර්ථිකය ගොඩගනිමින් තිබෙන අවස්ථාවක මැතිවරණයක්ද ප්‍රධාන කාරණය වෙලා තිබෙන්නෙ, එහෙම නැත්නම් පාසල් යන ළමුන් ලක්ෂ 45කගේ අනාගතය සුරක්ෂිත කරන්න පියවර ගන්න එකද කියන කාරණය මතුවෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත අනතුරක් මතුවුණු බව සියලු දෙනා අමතක නොකළ යුතුයි. එතකොට සැඟවුණු තැනක හිටපු දේශපාලන පක්ෂවලට පොඩ්ඩක් හුස්මක් ගන්න අවස්ථාවක් ලැබුණාම දේශපාලන වාසි තකා ක්‍රියාකිරීම පාලනය කළ යුතුව තිබෙනවා. ඒ සඳහා මහජනතාව මේ අවස්ථාවේදී අවදියෙන් ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නෙ අපි සියලු දේශපාලන පක්ෂ එකඟවිය යුතු ජාතික කරුණු සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය යුතුයි කියලා. අපේ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය කුමක්ද කියලා, අපේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද කියලා, අපේ මීළඟ 2048 දක්වා වන ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද කියලා, මෙවැනි එකඟතාවන්ට පැමිණිය යුතුව තිබෙන අවස්ථාවක රටේ මුළු ආර්ථිකයම පසුගිය වසර තුළ කඩා බිඳදමපු අවස්ථාවක්. ඒක නිකම් සිදුවෙච්ච කාරණයක් නෙවෙයි. 2019 වෙනකොට හොඳින් තිබුණු රට සහමුලින්ම නැතිකර දැමීම සඳහා මේ රටේ විවිධ කණ්ඩායම් විසින් ඇතිකරපු තත්වයක්. එතකොට මේ තත්වය තුළ විදුලි ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, විදුලිබල ප්‍රශ්නය විසඳිය යුතුව තිබෙනවා, ඒ සඳහා ජාතික ප්‍රතිපත්ති කිහිපයක්ම ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. අනාගතයේ මහජනයාට විදුලිය සඳහා සහනයක් ලැබෙන්න නම් ජනතාව කල්පනාවෙන් යුතුව ක්‍රියා කළයුතුව තිබෙනවා”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...